නබි මුහම්මදු(සල්) තුමා තායිෆ් සිට ආපසු පැමිණීමෙන් පසු එහිදී එතුමාට සිදුවූ දේද, අබුතාලිබ් හා කදීජා(රලි) අන්ත්‍රවීමද, එයින් පසු සිදුවූ කරෛෂ්වරුන්ගේ දුෂ්කර හිරහැරයන්ද නබි තුමාගේ සිතෙහි අධික ශෝකයන් ඇති කළේය. එම අවස්ථාවේ නබිතුමාට අල්ලාහ් තආලාගේ සැනසුම ලැබෙන්නට විය.
නබිත්වයේ දසවන වසර රජබ් මස විසිහත්වන දින රාත්‍රියේ, නබි මුහම්මද්(සල්) තුමා නින්දෙහි පසුවෙමින් සිටියෙදී දේව දූත ජිබ්රීල් (අලෛ) තුමා ‘බුරාක්’ද රැගෙන නබිතුමා වෙත පැමිණීය. බුරාක් යනු අකුණක් සේ වේගයෙන් ගමන් කරන පිහාටු දෙකකින් යුත් අශ්වයාට සමාන සතෙකි. එය මත නබි (සල්) තුමා අසුන් කරවාගෙන පලස්තීනයේ පිහිටා ඇති ‘බයිතුල් මුකද්දස්’ නමැති දේවස්ථනය වෙත පැමිණේය. පසු එතැන් සිට එතුමා අහසට (මි:රාජ්හි)උස්සා ගෙන ගියේය. එහි එතුමා තම දෙවියාගේ මහා සාධකයන් (ආධාරයන්) දිටීය. අහසේදී පස්වේල නැමදුම් එතුමාට අනිවාර්යවිය. එම රාත්‍රීයේම නබි මුහම්මද් (සල්) තුමා පැහැදිළි සිතින් හා දැඩී ස්ථීරයෙන් මක්කාව කරා පැමිණීය.
පසු දින එළිවීමත් සමගම නබිතුමා කා:බාවට ගොස් තමාට සිදුවූ දේ ගැන මිනිසුන්ට පැහැදිළි කළේය. එවිට කාෆිර්වරුන් එතුමාව අසත්‍ය කිරීමටත් විහිළු කිරීමටත් පටන් ගත්හ. පසු එහි සිටී පිරිසක් එතුමාව අධෛර්‍යමත් කිරීම සදහා බයිතුල් මුකද්දිස් දේවස්ථානය ගැන තමන්ට වර්ණනා කරන මෙන් එතුමාගෙන් ඇසීය. නබිතුමා ඔවුන්ට ඒ ගැන ටිකටික වර්ණනා කරන්නට විය. මෙයින් මුෂ්රික්වරුන් සෑහීමට පත් නොවූහ. නමුත් ඔවුන් ‘අපිට වෙනත් සාධකයන් අවශ්‍යයයි’ යනුවෙන් කීහ. එබැවින් නබි මුහම්මද්(සල්) තුමා, මක්කා දිසාවෙන් සිට පැමිණෙන කණ්ඩායමක් අතර මගදී තමාට මුණ ගැසුනු බව පවසා ඔවුන්ගේ ලක්‍ෂණයන්ද ඔවුන් සතු ඔටුවන් ගේ සංඛ්‍යාවද ඔවුන් පැමිණ වේලාවද පැහැදිළි කළේය. නබි තුමා සත්‍ය පැවැසුවද කාෆිර්වරුන් එතුමාව ප්‍රතික්ෂේප කිරීමෙහිද, මුරණ්ඩු කිරීමෙහිද, සත්‍ය නොකිරීමෙහිද නිරතවී සිටීහ. මෙම (ඉස්රා) ගමන ගියදා උදේ දේව දූත ජිබ්රීල්(අලෛ) තුමා පැමිණ නබි මුහම්මද්(සල්) තුමාට පස්වේල සලාතය (නැමදුම) ඉටුකිරීමේ ක්‍රමය හා එහි වේලාවන් ගැන ඉගෙන්වීය. මින් පෙර සලාතය උදේ හා සවස රකඅත් දෙකක් බැගින් පමණක් තිබින.
කුරෛෂ්වරුන් සත්‍යයට විරුද්ධවීමෙහි නිරතවී සිටී සමයේ නබි මුහම්මද්(සල්) තුමා මක්කාවට පැමිණෙන මිනිසුන්ට කැදවීම් කිරීමේ කාර්‍යයෙහි යෙදී සිටියේය. එතුමා මිනිසුන්ට ගමනේදී හා ඔවුන් නැවැතී සිටින ස්ථානවලදී ඉස්ලාම් ධර්මය උපුටා පෙන්වා එය පැහැදිළි කරන්නට විය. එතුමාගේ ලොකු පියෙකු වන ‘අබූ ලහබ්’ද නබිතුමා යන තැන් කරා ගොස් එතුමා ගැනද එතුමාගේ කැදවීම් ගැනද මිනිසුන්ට අවවාද කරමින් සිටියේය. වරක් එතුමා මදීනාවේ සිට පැමිණී පිරිසට කැදවීම් කළේය. ඔවුහූ එය සාවදානයෙන් අසා සිට එතුමා පිළිගැනීමටත් එතුමා විශ්වාස කිරීමටත් එකගවූහ. මදීනා වැසියන් ඉතා සමීපයෙන් නබි වරයෙකු පැමිණෙන බව යහූදි (යුදෙව්) වරුන්ගෙන් දැන සිටීහ. එනිසා නබිතුමා ඔවුන්ට කැදවීම් කළ විගස එම නබිතුමා මෙතිමා බව හදුනා ගෙන ඉස්ලාමය වැළද ගැනීමට කඩිනම් වූහ. ඔවුන් ‘මෙම කාර්‍ය යෙහි යහූදිවරුන් තමන්ට වඩා ඉදිරියට නොයායුතුයි’ යනුවෙන් කීහ. ඔවුන් හය දෙනෙකි. දෙවන වසරේ ඔවුන් දොළොස් දෙනෙක් පැමිණ නබිතුමා වෙත රැස්වූහ. එතුමා ඔවුන්ට ඉස්ලාම් ධර්මය ඉගැන්විය. ඔවුහූ මදීනාවට ආපසු යන විට කුර්ආනය ඔවුන්ට ඉගැන්වීම සදහා හා ඉස්ලාම් ධර්මයේ නීති රීති පැහැදිළි කිරීම සදහා ‘මුස්අබ් බින් උමෛර්’ යන අය ඔවුන් සමග යැව්වේය. මදීනා වැසියන් අතර ප්‍රයෝජනයක් ඇති කිරීමට මුස්අබ් බින් උමෛර්ට හැකිවිය. ඔහු වසරකින් පසු මක්කාවට ආපසු පැමිණවිට ඔහු සමග මදීනා වැසියන් පිරිමීන් හැත්තෑ දෙන්නෙක්ද ස්ත්‍රීන් දෙන්නෙක්ද සිටීහ. නබි මුහම්මද්(සල්) තුමා ඔවුන් රැස්කළේය. ඔවුහු නබිතුමාගේ (ඉස්ලාම්) ධර්මයට උපකාර කරන බවද, එතුමාගේ අණ පිළිපදින බවද එතුමා සමග ගිවිස ගත්හ(පළමු අකබා ගිවිසුම). පසු ඔවුහූ මදීනාව කරා ආපසු පිටත්ව ගියහ.