උමර් බින් කත්තාබ් (රලි) තුමා ඉස්ලාම් ධර්මය වැළද ගැනීම මුස්ලිම්වරුන්ට උපකාරයක් ලෙස පැවැතිය. නබි මුහම්මද් (සල්) තුමා ඔහුට ෆාරූක් යනුවෙන් නම් කළේය. කුමක්නිසාදයත්, අල්ලාහ් තආලා ඔහු විසින් සත්‍යය හා අසත්‍යය වෙන් කළේය. ඉස්ලාම් ධර්මය වැළද දින කීපයෙන් පසු දිනක් උමර් (රලි), නබිතුමාගෙන්, “නබිතුමණී, අපි සත්‍යයේ නොසිටින්නේද? “යනු වෙන් ඇසීය.එයට නබිතුමා “එසේ නොවේ අපි සත්‍යයයේම සිටින්නෙමු” යනුවෙන් පැවැසීය. “එසේනම් ඇයි අපි මෙය සගවා සිටින්නේ?” යනුවෙන් උමර් (රලි) නැවැත ඇසීය. මුහම්මද් (සල්)තුමා අර්කම් (රලි) ගේ නිවසේ තමා සමග සිටී මුස්ලිම්වරුන් ගෙන් හම්සා බින් අබ්දුල් මුත්තලිබ් යටතේ පිරිසක්ද, උමර් බින් කත්තාබ් යටතේ පිරිසක්ද වන පරිදී කොටස්කර, ඔවුන් සමග කැදවීම් මාර්ගයේ තම ශක්තිය උපුටා පෙන්නුම් කිරීම හා එම කැදවීම ප්‍රසිද්ධ කිරීම සදහා මක්කා මාර්ගයන් කරා පිටත්විය.
කැදවීමේ කටයුක්ත හෙළාදැකීමේ කාර්‍යයෙහි කුරෛෂිවරුන් විවිධ ක්‍රමයන් උපයෝගී කළහ.වේදනාවන්, අක්‍රමිකතාවන්, අපරාධයන් හා චාටු(ආශා) කථාවන් කළහ. නමුත්, මේ සියල්ල ඔවුන් ඉස්ලාම් ධර්මයේ නිරතවීමට හා මුස්ලිම් වරුන් අධිකවීමට හේතුවිය. මෙම අවස්ථාවේ ඔවුහූ නව ක්‍රියා මාර්ගයක් සදහා සැළසුම් කළහ. මුස්ලිම්වරුන් හා බණු හාෂිම් වරුන් සමග සම්බන්ධ තාවයන් සහමුලින්ම අත්හිටුවිය යුතුයි,මුස්ලිම්වරුන් සමග වෙළද කටයුතුවල යෙදීම,විවාහ කිරීම,උපකාර කිරීම හා ආශ්‍රය කිරීම යනාදියන් නොපැවැත්විය යුතුයි, යනුවෙන් පත්‍රයක ලියා එහි සැම දෙනාම අත්සන් කර එය කා:බා බිත්තියේ එල්ලා තැබූහ. මුස්ලිම්වරුන් මක්කාවෙන් පිටත්ව “ෂිඅබු අබූතාලිබ්” යන ප්‍රපාතය කරා යාමට සිදුවිය. එහිද මුස්ලිම්වරුන් දුෂ්කර වේදනාවන්ට ලක්වූහ. කුස ගින්නටද, අධික පීඩනයටද ඔවුන්ට මුහුණ පෑමට සිදුවිය. ඔවුන්ගෙන් ශක්තිවන්තයන් තම සම්පත්වලින් වියදම් කළහ. කදීජා (රලි) තමාගේ සම්පත් සියල්ල වියදම් කළාය. ඔවුන් අතර රෝග පැතිරීය. පිරිසක් මෙමගින් මැරුම් දකින තරමට පත්වූහ. නමුත් ඔවුන් ස්ථීරයෙන් හා ඉවසීමෙන් සිටීහ. ඔවුන්ගෙන් කිසියම් කෙනෙක් හෝ ආගම අතහැර නොගියහ. මෙසේම වසර තුනක් පීඩනයෙන් ගත තළහ.
පසු බණූ හාෂිම්වරුන් සමග කිට්ටුම නෑකම් පවත්වන කුරෛෂ්වරුන්ගෙන් වැදගත් පිරිසක් පත්‍රයෙහි කරුණු නිශ්ඵල කරලීමටද ඒ බව ජනතාවට දැනුම් දීමටද ඉදිරිපත්වූහ. එම පත්‍රය (කා:බා බිත්තියෙන් ගලවා) පිට ගෙනවිට එහි “බිස්මික (අ)ල්ලාහුම්ම”(‘අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි’) යන සුළු කොටස හැර අන් සියල්ල වේයන් විසින් විනාශකර ඇති බව පෙණින. මෙම අවහිරයන් අවසන් වීමෙන් පසු මුස්ලිම්වරුන් හා බණූ හාෂිම්වරුන් මක්කාවට ආපසු පැමිණියහ. නමුත් කුරෛෂ්වරුන් මුස්ලිම්වරුන්ට විරුද්ධවීමේ ස්ථාවරයේ නිරතව සිටීහ.