උහද් යුද්ධය

බද්ර් යුද්ධයෙන් පසු මුස්ලිම්වරුන් හා මක්කාවේ කාෆිර් වරුන් අතර වෙනත් යුද්ධ කීපයක්ද සිදුවීය.මෙයින් උහද් යුද්ධය දෙවැනි යුද්ධයෙකි.මෙම යුද්ධයේ මුස්ලිම්වරුන් නබි ත`මාගේ අණට කීකරු නොවූ නිසාත්, ඔවුන්ට නියමකළ කාර්‍‍ය යන්හි ඔවුන් වරද්ද කළ නිසාත් මුෂ්රික්වරුන්ට ජය ලැබින.මෙම යුද්ධය සඳහා මක්කා වැසියන් 3000 කින් සමන්චිත යුධ සේනාවක් පිටත්විය.මුස්ලිම්වරුන් 700 දෙනා පමණක් සිටීහ. මෙම යුද්ධයෙන් පසු යහූදීන් පිරිසක් මක්කාවට ගොස් මදීනා මුස්ලිම්වරුන් සමග යුද්ධ කිරීමට ඔවුන් දිරිගැන්වූහ.ඔවුන් උදව් උපකාර කරන බවද පොරොන්දු වූහ.ඔවුන්ද එය පිළිගත්හ.පසු වෙනත් ගෝත්‍රයන්ද මුස්ලිම්වරුන්ට එරෙහිව යුද්ධ කිරීමට ඔවුහු දිරිගැන්වූහ. ඔවුන්ද එසේම එකඟවූහ. එනිසා මුෂ්රික්වරුන් 10,000 කින් සමන්චිත කණ්ඩායමක් සමග සැම තැන් සිටම මදීනා කරා පැමිණීහ.

නබි(සල්) තුමා විරෝධීන්ගේ ගැවසීම දැනගත් විගස තම අනුගාමිකයන් සමග සාකච්ඡා කළේය.එම සාකච්ඡාවේදී ‘මදීනා වටේම කඳු නැති තැන්වල වළ කැපීම’ පිළිබඳ යෝජනා වක් සල්මානුල් ෆාර්සී (රලි) යන සහාබිවරයා ඉදිරිපත් කළේය.(ඒ අනුව) කඩිනමින් අවසන් කිරීම සඳහා සෑම මුස්ලිම්වරුන්ම වළ කැපීමේ කාර්‍‍යැයට සහභාගීවූහ.මුෂ්රික්වරුන් මෙම වළ පසුකර යාමට නොහැකිව මසකට ආසන්න කාලයක් රැදී සිටීහ.පසු අල්ලාහ් කාෆිර්වරුන් කරා තද සුළගක් එව්වේය. එමගින් ඔවුන්ගේ කඬඩාරම් සියල්ල ගැලවී ගියහ.ඔවුන් බියට පත්වී සීඝ්‍රයෙන් තමතමන්ගේ ගම්බිම් කරා ආපසු යන්නට වූහ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s