මදීනාව සත්‍යතාවයටද, සත්‍යවන්තයන්ටද රැකවරණය හා අභය ලබාදෙන ස්ථානයක් වශයෙන් පරිවර්තනය විය. එනිසා මුස්ලිම්වරුන් මදීනාව කරා හිජ්රත්(පලා) යාමට පටන් ගත්හ. නමුත් කුරෛෂිවරුන්, මුස්ලිම්වරුන් හිජ්රත් යාම වලක්වාලීමට අධිෂ්ඨානය කළහ. එනිසා සමහර මුහාජිර්වරුන්ට (හිජ්රත් යන්නන්ට) විවිධ වේදනා හා හිරිහැරයන් කරන්නට වූහ. මුස්ලිම්වරුන් කුරෛෂ්වරුන්ට බියවී රහසීගතව හිජ්රත් යන්නට විය. උමර්(රලි) තුමාගේ හිජ්රත් ගමන වීරකමට හා අභියෝග යට සාදකයක් වශයෙන් පැවැතීය. එතුමා තම කඩුව පැළද,දූන්න ඉස්සා කා:බාව කරා පිටත්ව එහි සක්මන්(වට කිරීම ) කළේය. පසු ඔහු මුෂ්රික් වරුන්ගෙන් ‘කවරෙකු තම බිරිද වැන්දඹු කිරීමට හෝ තම දරුවා අනාථ කිරීමට කැමැති වන්නේද ඔහු මා කරා පැමිණෙන්න. මා හිජ්රත් යන්නෙමි’ යනුවෙන් අභියෝග කරමින් පිටත්විය. එතුමාගේ ගමන වළක් වාලීමට ඔවුන් කිසි කෙනෙකුට ධෛර්‍ය නොවීය. අබූබක්ර්(රලි) තුමා හිජ්රත් යාම සදහා නබිතුමාගේ අවසරය පැතීය.එවිට නබිතුමා ‘ඔබ ඉක්මන් නොවන්න.ඔබට අල්ලාහ් සගයෙක් ලබාදීමට හැක’ යනුවෙන් අබූබක්ර්(රලි) තුමාට පැවැසීය.මෙසේ අධික මුස්ලිම්වරුන් හිජ්රත් ගියහ. මෙය දුටූ කුරෛෂි වරුන්ට පිස්සු (උම්මත්තකය වීමට) හැදෙන්නට වූහ.
නබිතුමාගේ කාර්‍යයෙහි ශ්‍රේෂ්ඨකම හා එතුමාගේ කැදවීම ගැන ඔවුන් බියට පත්වූහ.එනිසා ඔවුහූ මේ ගැන සාකච්ඡා කර නබිතුමා මරා දැමීමට ඒකමතිකව තීරණය කළහ.අබූ ජහ්ල් ‘අපගේ සැම ගෝත්‍රයෙකින්ම ශක්තිමත් තරුණයෙකු බැගින් තෝරා ඔවුන් අතට කඩු දී, ඔවුන් මුහම්මද්ව වටකර,එක් මිනිසෙක් කැපූසේ(සැම දෙනා එකට) කැපිය යුතු බව මා අදහස් කරමි. එවිට එම වරද්ද සැම ගෝත්‍රයන්ටම හිමිවේ. ඊට පසු, මිනිසුන් සියලු දෙනාටම විරුද්ධවීමට බණූ හාෂිම් වරුන් ශක්ති නොලබති’ යනුවෙන් පැවැසීය. මෙම රහස් තීරණය ගැන අල්ලාහ් තම ශ්‍රේෂ්ඨ නබිතුමාට දැන්විය. එනිසා නබිතුමා අබූබක්ර්(රලි) තුමා සමග හිජ්රත් යාමට තීරණය කළාය. තමා, තම නිවසෙහි සිටින බව මිනිසුන් සිතීම සදහා එදින රාත්‍රීයේ තම ස්ථානයේ නිදා ගන්නා ලෙස අලී බින් අබී තාලිබ්(රලි) ගෙන් නබිතුමා ඉල්ලා සිටියේය.ඔහුට කිසියම් අවහිරයන් නොසිදුවන බවද දැන්විය.
කුමන්ත්‍රණකාරයන් පැමිණ නිවෙස වටකරමින් සිට, ඇති රිල්ලෙහි සිටී අලි (රලි)තුමා දකිමින් එය නබිතුමා බව සිතූහ.එනිසා ඔවුන් තම තීරණය ඉටුකර එතුමා මරා දැමීම සදහා නබිතුමා පිටවෙන තෙක් බලාපොරෙත්තුවෙන් සිටීහ.ඔවුන් වටකර සිටිද්දී නබිතුමා ඔවුන්ගේ හිස මත පස් ටිකක් ඉස්සා පිටත්විය.අල්ලාහ් ඔවුන්ගේ පෙනීම ඉවත්කළේය. එනිසා ඔවුහු නබිතුමා පිටත්වීම නොදිටීහ.නබිතුමා,අබුබක්ර් (රලි) තුමා සොයා ගියේය.පසු එතුමන් දෙදෙනා සැතපුම් පහක දුරක් ගමන්කර තව්ර් ගඟාවෙහි සැගවී සිටීහ.
කුරෛෂ් තරුණයන් ඉර උදාවන තෙක් එතුමා පිටත්වීම බලාපොරොත්තුවෙන් සිටීහ. ඉර උදාවීමෙන් පසු නබිතුමාගේ ඇතිරිල්ලෙහි සිටී අලි(රලි) තුමා නැගිටමින් පැමිණීය.ඔහු ඔවුන්ගේ අතට අහුවිය.නබි (සල්) තුමා ගැන ඔවුහූ එතුමාගෙන් විමසූහ.ඔහු නබිතුමා ගැන කිසිවක් නොපැවැසීය.එනිසා ඔහුට පහර දෙමින් ඇදගෙන ගියහ.නමුත් එයින් කිසිදු පලක් නොලැබින.පසු කුරෛෂිවරුන් සැම තැන්හි එතුමාව සැවීම සදහා සොයන්නන් එවූහ. කවරෙකු හෝ එතුමාව පණපිට හෝ අපණපිට ගෙනෙන්නේද ඔහුට ඔටුවන් සීයයක් දෙන බව පැවැසීහ.මෙසේ ඔවුන් නබිතුමා සොයාගෙන ගුහා දොරටුවටම ලඟාවූහ. ඔවුන්ගෙන් යමෙකු ඇබී (බිම) බලන්නේද ඔවුන් දෙදෙනො දකින තරමට ලඟාවූහ. නබිතුමා පිළිබදව අබූබක්ර්(රලි) තුමාගේ දුක අධිකවිය.එනිසා නබිතුමා අබූබක්ර්(රලි) තුමාට ‘අපි දෙන්නෙක් සිටින බවද ඔබ සිතන්නේ? මෙහි තෙවැන්නා ලෙස අල්ලාහ් සිටී.ඔබ කණගාටු නොවන්න. නියත වශයෙන්ම අල්ලාහ් අප සමග සිටින්නේය’ යනුවෙන් කීය. නමුත් ඔවුහූ මෙම දෙන්නා නොදිටීහ.මෙම ගුහාවෙහි දින තුනක් රැදී සිට මදීනාව කරා පිටත්වූහ.එය දීර්ඝ මාර්ගයෙකි. ඉරෙහි ඌෂ්ණයද අධිකයෙන් පැවැතීය. දෙවැනි දින සවස් වරුවේ කුඩාරමක් අසලට ළඟාවූහ. එහි උම්මු ම:බද් යනුවෙන් හදුන්වන කාන්තාවක් දුටූහ.ඇයගෙන් ආහාර පානයන් ඉල්ලා සිටීහ.ඇය වෙත මෙච්චලට යා නොහැකි අසරණවූ කෙට්ටු, කිරි බිංදුවක් හෝ නොමැති එළුවෙක් හැර වෙන කිසිවෙක්වත් ඔවුන් නොදිටීහ. එහෙයින් නබිතුමා එළුවා ලඟට ගොස් කිරි බුරුල්ල අතින් පිරිමැද කිරි දොවන්නට විය.එයින් ලොකු භාජනයකට කිරි පුරවන්නට විය. එය දුටු උම්මු ම:බද් පුදුමයට පත්ව සිටී යේය.පසු පිපාසයෙන් මිදෙන තෙක් ඔවුන් සැමදෙනා එය පානය කළහ.පසු නබිතුමා දෙවන වරටත් කිරි දොවා භාජනය පුරවා එය උම්මු ම:බද්ට භාරදී තම ගමන ආරම්භ කළේය.
මදීනා වැසියන් මුහම්මද්(සල්) තුමාගේ පැමිණීම අපේක්ෂා කරමින් සිටීහ.ඔවුන් සැමදා මදීනාවේ පිටසිට එතුමාගේ ඒම බලාපොරොත්තුවූහ.නබිතුමා මදීනාවට පිවිස දින ඔවුන් සතුටින් ප්‍රශංසාකර පිළිගත්හ.එතුමා මදීනාවේ සානුවේ පිහිටී කූබා යන ස්ථානයේ බැසීය.එහි දින හතරක් රැදීසිට ඉස්ලාම්හි ප්‍රථම දේවස්ථානය වන මස්ජිදුල් කූබා දේවස්ථානයට එහිදී අත්ති වාරම තැබීය.පස්වන දින මදීනාවට ගියේය. අන්සාර්වරුන් (උපකාර කළ මදීනා වැසියන්) අධික පිරිස් නබිතුමා කැදවා ගෙන යාමටද, තමන්ගේ නිවසෙහි එතුමාට ආගන්තුක සංග්‍රහය කර එමගින් ගෞරවය ලැබීමටද ආශා කළහ.එනිසා ඔවූහු ඔටුවාගේ කඩිවාලම අල්ලා ගත්හ.නබිතුමා ඔවුන්ට ස්තුති පුද කරමින් ‘මෙය අත අරින්න.නියත වශයෙන්ම මෙය අල්ලාහ් ගේ අණට කීකරුවේ’.යනුවෙන් පැවැසීය.අල්ලාහ් අණ කළ ස්ථානය කරා ගොස් එය දණගැසීය.පසු එය නැගිට මදක් ඇවිදීමෙන් පසු ආපසු පැමිණ පළමු ස්ථානයෙහි දණ ගැසීය.මේ දක්වා නොබැස සිටී නබිතුමා මෙහිදී බැසීය. මෙම ස්ථානය මස්ජිදුන් නබවි දේවස්ථානයට අයත් ස්ථානය විය.නබි තුමා අබූ අයියූබ් අල් අන්සාරීගේ නිවසෙහි ලැගුම් ගත්තේය. අලි බින් අබූතාලිබ් නබිතුමාගෙන් පසු දින තුනක් මක්කාවෙහි රැදී සිට මදීනාව කරා පිටත්ව කූබා යන ස්ථානයේ නබිතුමා සමග එක්විය.