නබිත්වයට පෙර අරාබිවරුන්

අරාබිවරුන් අතර පිළිම වැදූම ප්‍රධාන ආගමක් ලෙස පැවැත් වින. සත්‍ය (ශක්තිමත්) ආගමට එරෙහී පිළිම වැදූමෙහි යෙදූ නිසා ඔවුන්ගේ කාලපරිචඡෙදය “අයියාමුල් ජාහිලියියා” (අZඥා න කාලය) යනුවෙන් හැදින්විය. අල්ලාහ් හැර ඔවුන් වැදූම කළ ප්‍රසිද්ධ පිළිමයන් ලෙස හැදින්වූයේ අල්-ලාත්, අල්-උස්සා, මනාත් හා හුබල් යනාදීන්ය. නමුත් අරාබිවරුන් අතර ක්‍රිස්තියානින්ද, යුදෙවවන්ද, ගිනි වැදූම්කරුවන්ද සිටියහ. තවද, ඔවුන් අතර නබි ඉබ්‍රාහිම්  තුමාගේ පරිශුද්ධ ආගම පිළිපැදු පිරිස්ද ස්වල්ප වශයෙන් සිටියහ.

ආර්ථික වශයෙන් එහි වාසය කල “බදවි” යනුවෙන් හදූනන ගැමියන් සිව්පාවන් තණකෑම සදහා දක්කන එඩෙරවරුන් ලෙසද, නගර වැසියන් ව්‍යාපාර හා
ගොවිතැන් කරමින්ද ජීවත් වූහ. ඉස්ලාම් ප්‍රසිද්ධවීමට කලකට පෙර සිට මක්කාව අරාබි අර්ධද්වීපයේ ශ්‍රේෂ්ඨ වෙළද නගරයක් ලෙස පත්ව තිබින. අන් ප්‍රදේශයන් මෙන්ම මෙහිද ශිෂ්ඨාචාර ජනපදයන්ද තිබින.

සමාජයීය අතින් එහි අපරාධයන් පිරිහී තිබින. අසරණයන් ගේ අයිතිවාසිකම් පැහැර හැරීම, ගැහැනු දරුවන් (පණ පිටින්) වළලීම, ගරුකම නොසැළකීම, බලවතුන් අසරණයන්ගේ සම්පත් සූරා කෑම, සීමාවෙන් තොරව බහු භාර්ය සේවනයේ යෙදීම, ස්තී දුෂණය පැතිරීම හා අල්ප හේතුන් මත ගෝත්‍රිකයන් අතර යුද්ධ කිරීම යනාදියන් පිරිහී තිබින. මෙවැන්නන් ඉස්ලාම්    ප්‍රසිද්ධ වීමට පෙර අරාබි අර්ධද්වීපයේ පැවැතී   විශේෂිත සිද්ධීන්ය.

කුරයිෂිවරුන්, නබි මුහම්මද්(සල්) තුමාගේ සීයාවූ අබ්දුල්  මුත්තලිබ්ගේ ගෝත්‍රිකයන් හා ඔහුගේ සම්පත් මුල්කරගෙන ආඩම්බර වෙමින් සිටියහ. අබ්දුල් මුත්තලිබ් දිනක් _අල්ලාහ් තමාට පිරිමි දරුවන් දස දෙනෙක් ලබා දෙන්නේනම්, ඔවුන්ගෙන් කෙනෙක් දෙවියන් ලගාවීම සදහා බිලිදෙන බව භාරවිය. ඔහු භාරවූ පරිදී අල්ලාහ් ඔහුට පිරිමි දරුවන් දස දෙනෙක් ලබා ගන්නේය. ඔවුන් අතර මුහම්මද්(සල්) තුමාගේ පියාවූ අබදුල්ලාද කෙනෙකි. තම භාරය ඔප්පු කිරීමට අබදුල් මුත්තලිබ් සැරසූ විට “මෙය මිනිසාගේ පාරම්පරික කාර්‍යයක් නොවන”  බව පවසමින් එය වළක්වාලීමට මිනිස්සු ඉදිරිපත්වූහ. පසුව ඔවුහූ ඒ සදහා වන්දියක් වශයෙන් අබදුල්ලාහ් හා ඔටුවන් දස දෙනා අතර කුසපත් ඇදී (තීරණය කිරී) මටද, එහිදී අබ්දුල්ලාහ්ගේ නම ඇදෙන්නේනම‘, ඒ සදහා ඔටුවන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමටද එකගවූහ. ඒ අනුව ඔවුන් කුසපත් ඇදුඟ. දස වතාවක්ම අබදුල්ලාහ්ගේ නමම ඇන්නේය. පසුව ඒ අනුව ඔවුන් ඔටුවන් සීයයක් කපා බිලි  දුන්හ.

ආමිනාගේ ගැබි කාලය සම්පූර්ණවීමෙන් ඇයට ප්‍රසූත වෙද නාව ආරම්භ විය. නමුත් ප්‍රසූත වේලාවන්හි අන් ස්ත්‍රීන් ලබන දැඩී වේදනාව හෝ අසීරුතාවය ආමිනාට නොහැගීය. ක්‍රිස්තු වර්ෂ 570 රබීඋල් අව්වල් මස 12 වැනි සදුදා දින ඳජ්ර් උදාවීමත් සමගම ආමිනා තම දරුවාව ප්‍රසූත කළාය. මෙම වකවානුව “ආමුල් ෆීල්” (ඇත් වසර) යනුවෙන් හැදින්විය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s