හජ් කර්තව්‍යය ඉටුකර පැමිණ මාස දෙකහමාරකින් පසු නබිතුමා අසනීපයට පත්විය.එය දිනෙන් දින අධිකවන්නට විය.මිනිසුන්ට සලාතය ඉමාමත් (නායකත්වයදී එය ඉටු) කිරීමට නොහැකිවූ එතුමා,ඉමාමත් කරන මෙන් අබූබක්ර් සිද්දීක් (රලි) තුමාගෙන් ඉල්ලා සිටියේය.හිජ්රි එකළොස් වැනි වසර රබීඋල් අව්වල් මස දොළොස් වැනි සඳුදා දින නබි මුහම්මද්(සල්) තුමා අභාවප්‍රාප්තවීය. එවිට එතුමාට වසර 63 ක් සම්පූර්ණවී තිබින.මෙම පණිවිඩය සහාබි (අනුගාමික)වරුන් ලද විගස ඔවුන්ගේ සිහි බුද්ධිය නැතිවිය.ඔවුන් එය සත්‍ය නොකළහ. එවිට අබූ බක්ර්(රලි) තුමා නැගිට ඔවුන් සැනසුම්කර ‘නියතවශයෙන්ම නබිතුමා මනුෂ්‍යයෙකි.මිනිසුන් මැරෙන සේ එතුමාද මරණයට පත්වෙන්නේය’.යනුවෙන් පැවැසීය. මිනිසුන් සැනසුම් වූහ.නබි තුමාගේ දේහය නාවා, කෆන් (ඇදුම් පැළඳුම්) කර, භූමිදානය කිරීමේ කටයුතු සියල්ල අවසන්වීය.
නබි(සල්) තුමාගේ අභාවයෙන් පසු මුස්ලිම්වරුන් අබූබක්ර් සිද්දීක් (රලි) තුමාව මුස්ලිම්වරුන්ගේ කලීෆා(නායකයා) ලෙස තෝරා පත් කළහ.එතුමා කුලෆාඋර් රාෂිදීන්වරුන් (යහමග ගිය නායකයන්) අතර පළමුවන්නාය.නබිතුමා මක්කාවේ නබිත්වයට පෙර හතලිස් වසරක්ද, නබිත්වයට පසු දහතුන් වසරක්ද, මදීනාවේ දස වසරක්ද ජීවත්වීය.