ප්‍රසිද්ධ කැදවිම

මුහම්මද් නබි තුමා වසර තුනක කාලයක් පෞද්ගලික කැදවීමෙහි යෙදීමෙන් පසු අල්ලාහ්

سورة الحجر:94)   فَاصدَع بِما تُؤمَرُ وَأَعرِض عَنِ المُشرِكينَ)

“එබැවිනින් ඔබට අණකර ඇති දේ ඔවුන්ට්ට ප්‍රසිදිද්ඩියෙන් පවසනු. (වැදුම්  පිදුම්හි) හවුල් කරන්නන් ප්‍රතිකික්ෂේප කරනු.” (15:94) යන වැකිය පහළ කළේය.

දිනක්  මුහම්මද් නබි තුමා සෆා කදුවේ සිට කුරෙෂ් වරුන් කැදවීය. එහි විශාල පිරිසක් රැස්වූහ. ඔවුන් අතර අල්ලාහ්ට හා ඔහුගේ දුතයාවූ නබිතුමාට කුරෙෂිවරුන්ගෙන් තද විරෝදියාවූ තම ලොකු තාත්තා අබූ ජහ්ල්ද පැමිණ සිටී යේය. රැස්ව සිටින කුරෙෂිවරුන් අමතා නබිතුමා “මෙම කන්දට පිටු පස ඔබලා විනාශ කිරීමේ අපේක්ෂාවෙන් විරෝධීන් රැදී සිටින බව මා පවසන්නේනම් එය ඔබලා පිළිගන්නේද?” යනු වෙන් ඔවුන්ගෙන් ඇසීය. ඔවුහූ “අප ඔබගෙන් සත්‍යතාවය හා විශ්වාසය හැර අන්කිසි දෙයක් නොදිටින්නෙමු”. යනුවෙන් කීහ. පසුව නබිතුමා “ඔබලාට දැඩී වේදනාවන් ඇති බව මා අවවාද කරමි. යනුවෙන් පවසා ඔවුන් අතර ඇති පිළිම් වැදුම අතහැර (වැදුම් පිදුම් සදහා) අල්ලාහ් තආලා කරා කැදවීමට ආරම්භ කළේය. ජනතාව අතර සිටී අබූ ලහබ්  වහාම නැගිට “ඔබට විනාශය ඇතිවේවා. මේ සදහාද අපිව රැස්කළේ? යනුවෙන් පැවැසීය”. එවිට අල්ලාහ් තආලා මසද් නමැති පහත සදහන් (කුරාන්) පරිච්ජේදය පහළ කළේය.

(1-5:)سورة المسد
تَبَّت يَدا أَبى لَهَبٍ وَتَبَّ ﴿١﴾

ما أَغنىٰ عَنهُ مالُهُ وَما كَسَبَ ﴿٢﴾

سَيَصلىٰ نارًا ذاتَ لَهَبٍ ﴿٣﴾

وَامرَأَتُهُ حَمّالَةَ الحَطَبِ ﴿٤﴾

فى جيدِها حَبلٌ مِن مَسَدٍ ﴿٥﴾


අබූලහබ්ගේ දෑත් විනිනාශ වේවා. ඔහුද විනිනාශ වේවා. ඔහුගේ දේපල හා ඔහු ඉපැයූ දේද ඔහුට පල නොවීය. ඔහු සීග්‍රයෙන් දැල්වෙන ගිනින්නෙහි පිවිසේ. තවද දර උසුලන ඔහුගේ බිරිදද ගින්නෙහි පිවිසේ. ඇයගේ ඛෙල්ලහි  ඇඹරුණු ඉදි ලණු තමා (තිබේ). (එයින් එයද විනිනාශයට පත්වේ.) (111:1-5)

නබිතුමා කැදවීමේ කටයුතුහි නිරතවී සිටී අතර, මිනිසුන් රැස්වන ස්ථානවල එය ප්‍රසිද්ධ කිරීමටද ඔවුන් ඉස්ලාම් කරා කැදවීමටද පටන් ගත්තේය. කා:බාවහි එතුමා නැමදුම ඉටු කළේය. මුස්ලිම්වරුන්ට කාෆීර්වරුන්ගේ හිරිහැරය අධිකවිය. යාසීර්,(ඔහුගේ බිරිද) සුමෛයියා හා ඔවුන්ගේ පුත්‍රයා අම්මාර් යන්නන්ට සිදුවු දේ නිදසුනකි. ඔහුගේ දෙමාපියන් ෂහීද්වරුන් (පරිත්‍යාග ශීලීන්) සේ දිවි පිදුහ. සුමෛයියා ඉස්ලාම් වෙනු වෙන් ප්‍රථමයෙන් දිවි පිදු කාන්තාවකි. මෙය සිදුවියේ ඉස්ලාමය වැළදගත් හේතුව නිසාය. තවද, බිලාල් බින් රිබාහ් අල් හබෂී (රලි) ද උමයියා බින් ගලෆ්  හා අබූජහ්ල් යන අයගේ වේද නාවට ලක්වීය.

බිලාල් (රලි) අබූබක්ර් (රලි) තුමා මාර්ගයෙන් ඉස්ලාම් ධර්මය වැළද ගත්තේය. ඔහුගේ හාම්පුතාවූ උමයියා බින් ගලෆ් මේ බව දැනගත් විගස ඉස්ලාම් ධර්මය අත හැරීම සදහා විවිධ ආකාරයෙන් වේදනාවට ලක් කළේය. නමුත් බිලාල් (රලි) ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කොට ඉස්ලාමය ස්ථීරව වැළද ගත් තේය. උමයියා ඔහුව අල්ලා දම්වැලින් බැද, මක්කා වට පිට ගෙනවිත් දැඩී උෂ්ණයෙන් යුත් වැලි (ගොඩ) මත තබා, ඔහුගේ පපුව මත ලොකු ගලක් තබා ඔහුද ඔහුගේ යහලුවන්ද කෘර ලෙස කසයෙන් පහර දුන්හ. නමුත් බිලාල් අහද් අහද් (අල්ලාහ් කෙනෙකි, අල්ලාහ් කෙනෙකි) මෙන් පවසමින් සිටියේය. මෙම අවස්ථාවේ  අබූබක්ර් (රලි) තුමා එතැනින් පසුකර යන්නට විය. එබැවින් අබූබක්ර් උමයියාගෙන් ඔහුව මිළදී ගෙන අල්ලාහ්ගේ මාර්ගයෙහි නිදහස් කළේය.

මෙවැනි අපරාධ සිදුවීම් වැළක්වීමේ උපායක් වශයෙන් නබි තුමා ඔවුන්ගේ ඉස්ලාමය ප්‍රසිද්ධ කිරීම තහනම් කළාය. ඔවුන් රහස්ව රැස්කළේ මෙනිසාය. මක්නිසාදයත්, ඔවුන් ප්‍රසිද්ධව රැස්කළේද, මුෂ්රික්වරුන් ඔවුන් යහමග යාම හා ධර්මය ඉගෙනගැනීම වළක්වෙති යන්නෙහි කිසිදු සැකයක් නොමැත. යම් විට මෙය දෙපිරිස් අතර ගැටුම්ද ඇති කළ හැක. මෙම ගැටුම් මුස්ලිම් වරුන්ගේ සුඵ ප්‍රමාණය හා ශක්තිය නිසා ඔවුන්ට විනාශයක් ගෙනදිය හැක. එනිසා සැගවී කිරීම උපායයෙකි. නබි (සල්) තුමා කුරේෂ් කාෆිර්වරුන්ගේ හිරිහැරයන් ඉවසා ගෙන මුෂ්රික්වරුන් අතර කැදවීමේ හා ඇදහීමේ කාර්ය  ප්‍රසිද්ධියෙන් කළාය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s