නබි මුහම්මද්(සල්) තුමා, කුරෛෂිවරුන්ගේ වෙළඳ කණ්ඩායමක් මගෙහි බාධා කිරීමට තීරණය කළේය.එනිසා එතුමා මිනිසුන් 313 දෙනෙක් සමග පිටත්විය.ඔවුන් සමග අශ්වයන් දෙන්නෙක් හා ඔටුවන් 70 දෙනෙක් පමණක් සිටීය.කුරෛෂිවරුන්ගේ කණ්ඩායමේ ඔටුවන් 1000 ක් සිටීය.එයට අබූ සුෆ්යාන් නායකත්වය දුන් අතර ඔහු සමග(පමණක්) මිනිසුන් 40 දෙනෙක් සිටීහ.මුස්ලිම්වරුන් පිටත්ව ඒම දැනගත් අබූ සුෆ්යාන්, මේ පිළිබඳව මක්කාවට පණිවිඩයක් යවා ඔවුන්ගෙන් උදව් පැතීය.ඔහු තම ගමන් මාර්ගය වෙනස් කරමින් වෙනත් මාර්ගයකින් ගමන් කළ බැවින් මුස්ලිම්වරුන්ගේ අපේක්ක්‍ෂාව නොඉටුවිය. කුරෛෂිවරුන් 1000 කින් සමන්චිත සේනාවකින් ආහ.එවිට අබූ සුෆ්යාන්ගේ දූතයා ඇවිත් ‘වෙළඳ කණ්ඩායම බේරි(ජයපිට) පැමිණෙන බවත්, මක්කාව බලා ආපසු යන ලෙසත්’ ඉල්ලා සිටියේය. නමුත්, අබූජහ්ල් ආපසු යාම ප්‍රතික්ෂේප කළේය. ඔවුන්ගේ සේනාව බද්ර් කරා යන්නට විය.කුරෛෂි වරුන්ගේ පිටවීම දැනගත් නබිතුමා තම අනුගාමිකයන් සමග සාකච්ඡා කළේය.ඔවුන් සැමදෙනා කාෆිර්වරුන්ගේ සේනාවට මුහුනදී(යුද්ධ කිරී)මට එකඟවූහ.
හිජ්රි (හිජ්රත් ගමනෙන් පසු) දෙවැනි වසරේ රමලාන් මස 17 වැනි සිකුරාදා දින උදේ දෙපිරිසම මුන ගැසින.ඔවුන් අතර යුද්ධය උග්‍රව පැවැත්විය.මුස්ලිම්වරුන්ට ජය ලැබීමත් සමගම යුද්ධය අවසන්විය.මුස්ලිම්වරුන් 14 දෙනෙක් දිවි පුද කළහ. මුෂ්රික්වරුන් 70 දෙනෙක් මරණයට පත්වූ අතර 70 දෙනෙක් අත් අඩංගුවට ගැනු ලැබින.මෙම යුද්ධය පැවැතී අවස්ථාවේ නබිතුමාගේ දියණියෙක්වන උස්මාන් බින් අෆ්වාන්(රලි) තුමා ගේ බිරිඳවූ රුකයියා(රලි) තුමිය (මදීනාවේදී) අභාවයට පත්වීය.අසනීපයෙන් පෙළෙන තම බිරිඳ සමග මදීනාවේ රැදී සිටින මෙන් නබිතුමා කළ ඉල්ලීම අනුව මෙම යුද්ධයට සහභාගී නොවී උස්මාන්(රලි) තුමා තම බිරිඳ සමග මදීනාවේ නැවැතී සිටියේය. යුද්ධයෙන් පසු නබිතුමා, උම්මු කුල්සූම්(රලි) නමැති තම දෙවැනි දියණිය උස්මාන්(රලි) තුමාට විවාහකර දුන්නේය. මෙනිසා එතතුමා ‘දුන්නූරෛන්’ (ආලෝකයන් දෙකක් සතු තැනැතප්තා) යනුවෙන් හැඳින්වීය.කුමක්නිසාදයත්, ඔහු නබි තුමාගේ දියණියන් දෙන්නෙක් විවාහ කළේය.
බද්ර් යුද්ධයෙන් පසු මුස්ලිම්වරුන් අල්ලාහ්ගේ උපකාරයෙන් සතුට විඳිමින් මදීනාව කරා ආපසු පැමිණීහ.ඔවුන් සමග සිර කරුවන්ද ගනීමත් (යුද්ධයේදී අතහැර ගිය) ද්‍රව්‍යයන්ද තිබින.සමහර සිරකරුවන් ඇපය මත නිදහස්වූහ. සමහරුන් ඇපයන් නොමැතිව නිදහස් වූහ.සමහරුන් (උගතුන්) මුස්ලිම් දරුවන් දස දෙනාට කියවීමට හා ලියවීමට ඉගැන්වීමේ ඇපය මත නිදහස්වූහ.
මශා අල්ලාහ් . ඉතාමත් ප්‍රයෝජනවත් වෙබ් අඩවියක්