මක්කා ජය ගැනීම

නබි මුහම්මද්(සල්) තුමා හිජ්රි අටවැනි වසරේ මක්කා වැසි යන් සමග යුද්ධකර මක්කාව ජයගැනීමට තීරණය කළේය.එතුමා රමලාන් මස දසවැනි දින 10,000 කින් යුත් සේනාවක් සමග පිටත්ව, කිසියම් යුද්ධයකින් තොරව මක්කාව තුලට පිවිසීය. කුරෛෂිවරුන් යටහත් වූහ.අල්ලාහ් මුස්ලිම්වරුන්ට උපකාර කළාය.නබිතුමා ‘මස්ජිදුල් හරාම්’ දේවස්ථානය කරා ගියේය.එහි කා:බාව සක්මන් (වටකිරීම්) කර, එහිතුල රකඅත් දෙකකින් සමන්චිත සලාතයක් ඉටුකළේය. මින්පසු කා:බා තුල හා උඩහි තිබී සැම පිළිමයන් කඩා විනාශ කළ පසු නබිතුමා කා:බාවේ දොරටුවහි රැදී සිටීය.

කුරෛෂිවරුන් මස්ජිදුල් හරාම් හි පෝළිමෙන් සිටගෙන තමන්ට කුමක් කරයිදැයි බලා සිටීහ.එවිට නබිතුමා ‘කුරෛෂි වරුනී, ඔබලාට කුමක් කරමි යනුවෙන් සිතන්නේද?’ යනු වෙන් ඇසීය.ඔවුහූ ‘ඔබ යහපත් දේ කරන්නාය.ඔබ ගෞරවණීය සහෝදරයාය. ගෞරවණීය සහෝදරයාගේ පුත්‍රයාය’. යනුවෙන් කීහ. පසුව නබිතුමා ‘ඔබලා යාහැක. ඔබලාට නිදහස්ය’. යනු වෙන් පැවැසීය. මුහම්මද්(සල්) තුමා, තමා වේදනා කළ, තම අනුගාමිකයන් මරණයට පත්කළ, තමාට හිරිහැර කළ හා තමා තම ගමෙන්ම පිටමන්කළ විරෝධීන්ට සමාව දීමෙන් උසස්  ආදර්ශයක් පෙන්වා දුන්නේය.මක්කා ජය ගැනීමෙන් පසු අල්ලාහ්ගේ ධර්මය කරා මිනිසුන් කණ්ඩායම් පිට පිවිසෙන්නට වූහ. හිජ්රි දසවැනි වසරේ නබි(සල්) තුමා හජ් කර්තව්‍යය ඉටු කළේය. එය නබිතුමා කළ එකම හජ් කර්තව්‍යයෙකි.එතුමා සමග ලක්‍ෂයකට අධික පිරිසක් හජ් කර්තව්‍යය ඉටු කළහ.හජ් කර්තව්‍යය ඉටු කළායින් පසු නබිතුමා මදීනාවට පැමිණියේය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s