නබි මුහම්මද්(සල්) තුමා එතුමාගෙ ඔටුවා දණගැසු ස්ථානය හිමි කාරයාගෙන් මිළදීගෙන එහි තම මස්ජිදය (දේවස්ථානය) ඉඳි කළාය.මුහාජිරීන් (එතුමා සමග මක්කා සිට පැමිණ මිත්‍රයන්) හා අන්සාරීන් (උපකාර කළ මදීනා වැසියන්) අතර සහෝදරත්වය ඇති කළාය.සැම අන්සාර්වරුන්ටම මුහාජිර්වරයෙකු බැගින් සහෝදරකර, ඔවුන්ගේ සම්පත්වලට කොටස්කරුවන් කළාය.මුහාජිර්වරුන් හා අන්සාර්වරුන් එකට වැඩ කරන්නට පටන් ගත්හ.සහෝදරත්වය ඔවුන් අතර අධිකවන්නට වීය.
කුරෛෂිවරුන්ට මදීනා යහූදිවරුන් (යූදෙව්) සමග සම්බන්ධ තාවයන් පැවැත්වින. එනිසා ඔවුන් මුස්ලිම්වරුන් අතර ප්‍රශ්ණ හා බේද ඇතිකිරීමට තැත් කළහ.තවද ඔවුන් මුස්ලිම්වරුන්ට අවවාද කරමින්ද, ඔවුන් අවසන්කරන බව තර්ජන කරමින්ද සිටීහ. මෙසේ භාහිරයෙන් හා අභ්‍යන්තරයෙන් මුස්ලිම්වරුන්ට අනතුරු පිරිවරමින් තිබින. සහාබිවරුන් (නබිතුමාගේ අනුගාමිකයන්) ආයුධයෙන් තොරව රැ ගත නොකරන තරමට කාර්‍ය උග්‍රවීය.මෙම භයානක සමයේ අල්ලාහ් තආලා යුද්ධ කිරීමේ අවසරය පහළ කළේය. එනිසා නබිතුමා විරුද්ධවාදීන්ගේ ගැවසීම ඔත්තු බැලීම සඳහා සේනාවක් පිළියෙළ කළේය.එසේම ඔවුන් මුස්ලිම්වරුන් සමග ගිවිසුම්කර නිදහසේ ඉස්ලාම් ධර්මය ප්‍රචාරය කිරීමටද ඒ අනුව ක්‍රියා කිරීමටද කටයුතු සලස්වන තෙක්, මුස්ලිම්වරුන්ගේ ශක්තිය පෙන්වීම මගින් ඔවුන්ට තම බලය තහවුරු කිරීම සඳහා වෙළඳ ගෝත්‍රයන්ට මගෙහි අවහිර කිරීමට සූදානම් කළේය.මේ වනවිට නබිතුමා සමහර ගෝත්‍රයන් අතර සුහඳ ගිවිසුම්ද කර සිටියේය.
Aug
2
2011