අබූතාලිබ්ගේ ශරීරය පුරාම රෝගය පැතිරෙන්නට විය. ඔහු ඇතිරිල්ලෙහි (ඇදෙහි) නිරතවන්නට විය. ඔහු මරණ (සක්රාත්) වෙදනාවට ලක්වී සිටී අතර, මිය යාමට පෙර ඔහු ‘ලාඉලාහ ඉල්ලල්ලාහ්'(වැදුම් පිදුම් කිරීමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවෙකු නොමැත) යන වැකිය කීමේ අපේක්ෂාවෙන් නබි මුහම්මද්(සල්) තුමා ඔහුගේ සිරස අසලෙහි සිටියේය. නමුත්, ඔහු සමග සිටින ඔහුගේ අයහපත් මිත්‍රයන් හා ඔවුන්ගේ නායකයවූ අබූ ජහ්ල්ද එය වළක්වමින් හා ‘ඔබ පියානන්ගේ හා මුතුන් මිත්තන්ගේ ආගම අත නොඅරිනු’ යනුවෙන් ඔහුට පවසමින් සිටීහ. එනිසා ඔහු ෂිර්කයේම (අල්ලාහ්ට හවුල් කරන මගෙහි) අන්ත්‍රවිය. ඔහු ඉස්ලාම් ධර්මය නොවැළද මරණයට පත්වීම නබි මුහම්මද් (සල්) තුමාගේ ශෝකය දෙගුණයක් වීමට හේතුවිය. අබූතාලිබ් අන්ත්‍රවී මාස දෙකක් ළගාවන සමයේ නබිත`මාගේ බිරිදවූ කදීජා (රලි) තුමියද අන්ත්‍රවීය. මේ හේතුවෙන් නබිතුමා ඉමහත් ශෝකයට පත්විය. තම ලොකු පියාවූ අබූතාලිබ්ගේ හා තම බිරිදවූ කදීජා (රලි) තුමියගේ වියෝවෙන් පසු නබිතුමාට තම සමාජයෙන් හිරහැර හා පීඩා වන් අධිකවන්නට විය. (මෙම මරණ සිදුවීමෙන් නබි මුහම්මද් (සල්) තුමා අධික ශෝකයට පත් බැවින් මෙම වසර ආමුල් හුස්න් (ශෝක වසර) යනුවෙන් හැදින්විය).
Aug
2
2011