කැදවීමේ නව මූලස්ථානය

මදීනාව සත්‍යතාවයටද, සත්‍යවන්තයන්ටද රැකවරණය හා අභය ලබාදෙන ස්ථානයක් වශයෙන් පරිවර්තනය විය. එනිසා මුස්ලිම්වරුන් මදීනාව කරා හිජ්රත්(පලා) යාමට පටන් ගත්හ. නමුත් කුරෛෂිවරුන්, මුස්ලිම්වරුන් හිජ්රත් යාම වලක්වාලීමට අධිෂ්ඨානය කළහ. එනිසා සමහර මුහාජිර්වරුන්ට (හිජ්රත් යන්නන්ට) විවිධ වේදනා හා හිරිහැරයන් කරන්නට වූහ. මුස්ලිම්වරුන් කුරෛෂ්වරුන්ට බියවී රහසීගතව හිජ්රත් යන්නට විය. උමර්(රලි) තුමාගේ හිජ්රත් ගමන වීරකමට හා අභියෝග යට සාදකයක් වශයෙන් පැවැතීය. එතුමා තම කඩුව පැළද,දූන්න ඉස්සා කා:බාව කරා පිටත්ව එහි සක්මන්(වට කිරීම ) කළේය. පසු ඔහු මුෂ්රික් වරුන්ගෙන් ‘කවරෙකු තම බිරිද වැන්දඹු කිරීමට හෝ තම දරුවා අනාථ කිරීමට කැමැති වන්නේද ඔහු මා කරා පැමිණෙන්න. මා හිජ්රත් යන්නෙමි’ යනුවෙන් අභියෝග කරමින් පිටත්විය. එතුමාගේ ගමන වළක් වාලීමට ඔවුන් කිසි කෙනෙකුට ධෛර්‍‍ය නොවීය. අබූබක්ර්(රලි) තුමා හිජ්රත් යාම සදහා නබිතුමාගේ අවසරය පැතීය.එවිට නබිතුමා ‘ඔබ ඉක්මන් නොවන්න.ඔබට අල්ලාහ් සගයෙක් ලබාදීමට හැක’ යනුවෙන් අබූබක්ර්(රලි) තුමාට පැවැසීය.මෙසේ අධික මුස්ලිම්වරුන් හිජ්රත් ගියහ. මෙය දුටූ කුරෛෂි වරුන්ට පිස්සු (උම්මත්තකය වීමට) හැදෙන්නට වූහ.

නබිතුමාගේ කාර්‍‍යයෙහි ශ්‍රේෂ්ඨකම හා එතුමාගේ කැදවීම ගැන ඔවුන් බියට පත්වූහ.එනිසා ඔවුහූ මේ ගැන සාකච්ඡා කර නබිතුමා මරා දැමීමට ඒකමතිකව තීරණය කළහ.අබූ ජහ්ල් ‘අපගේ සැම ගෝත්‍රයෙකින්ම ශක්තිමත් තරුණයෙකු බැගින් තෝරා ඔවුන් අතට කඩු දී, ඔවුන් මුහම්මද්ව වටකර,එක් මිනිසෙක් කැපූසේ(සැම දෙනා එකට) කැපිය යුතු බව මා අදහස් කරමි. එවිට එම වරද්ද සැම ගෝත්‍රයන්ටම හිමිවේ. ඊට පසු, මිනිසුන් සියලු දෙනාටම විරුද්ධවීමට බණූ හාෂිම් වරුන් ශක්ති නොලබති’ යනුවෙන් පැවැසීය. මෙම රහස් තීරණය ගැන අල්ලාහ් තම ශ්‍රේෂ්ඨ නබිතුමාට දැන්විය. එනිසා නබිතුමා අබූබක්ර්(රලි) තුමා සමග හිජ්රත් යාමට තීරණය කළාය. තමා, තම නිවසෙහි සිටින බව මිනිසුන් සිතීම සදහා එදින රාත්‍රීයේ තම ස්ථානයේ නිදා ගන්නා ලෙස අලී බින් අබී තාලිබ්(රලි) ගෙන් නබිතුමා ඉල්ලා සිටියේය.ඔහුට කිසියම් අවහිරයන් නොසිදුවන බවද දැන්විය.

කුමන්ත්‍රණකාරයන් පැමිණ නිවෙස වටකරමින් සිට, ඇති රිල්ලෙහි සිටී අලි (රලි)තුමා දකිමින් එය නබිතුමා බව සිතූහ.එනිසා ඔවුන් තම තීරණය ඉටුකර එතුමා මරා දැමීම සදහා නබිතුමා පිටවෙන තෙක් බලාපොරෙත්තුවෙන් සිටීහ.ඔවුන් වටකර සිටිද්දී නබිතුමා ඔවුන්ගේ හිස මත පස් ටිකක් ඉස්සා පිටත්විය.අල්ලාහ් ඔවුන්ගේ පෙනීම ඉවත්කළේය. එනිසා ඔවුහු නබිතුමා පිටත්වීම නොදිටීහ.නබිතුමා,අබුබක්ර් (රලි) තුමා සොයා ගියේය.පසු එතුමන් දෙදෙනා සැතපුම් පහක දුරක් ගමන්කර තව්ර් ගඟාවෙහි සැගවී සිටීහ.

කුරෛෂ් තරුණයන් ඉර උදාවන තෙක් එතුමා පිටත්වීම බලාපොරොත්තුවෙන් සිටීහ. ඉර උදාවීමෙන් පසු නබිතුමාගේ ඇතිරිල්ලෙහි සිටී අලි(රලි) තුමා නැගිටමින් පැමිණීය.ඔහු ඔවුන්ගේ අතට අහුවිය.නබි (සල්) තුමා ගැන ඔවුහූ එතුමාගෙන් විමසූහ.ඔහු නබිතුමා ගැන කිසිවක් නොපැවැසීය.එනිසා ඔහුට පහර දෙමින් ඇදගෙන ගියහ.නමුත් එයින් කිසිදු පලක් නොලැබින.පසු කුරෛෂිවරුන් සැම තැන්හි එතුමාව සැවීම සදහා සොයන්නන් එවූහ. කවරෙකු හෝ එතුමාව පණපිට හෝ අපණපිට ගෙනෙන්නේද ඔහුට ඔටුවන් සීයයක් දෙන බව පැවැසීහ.මෙසේ ඔවුන් නබිතුමා සොයාගෙන ගුහා දොරටුවටම ලඟාවූහ. ඔවුන්ගෙන් යමෙකු ඇබී (බිම) බලන්නේද ඔවුන් දෙදෙනො දකින තරමට ලඟාවූහ. නබිතුමා පිළිබදව අබූබක්ර්(රලි) තුමාගේ දුක අධිකවිය.එනිසා නබිතුමා අබූබක්ර්(රලි) තුමාට ‘අපි දෙන්නෙක් සිටින බවද ඔබ සිතන්නේ? මෙහි තෙවැන්නා ලෙස අල්ලාහ් සිටී.ඔබ කණගාටු නොවන්න. නියත වශයෙන්ම අල්ලාහ් අප සමග සිටින්නේය’ යනුවෙන් කීය. නමුත් ඔවුහූ මෙම දෙන්නා නොදිටීහ.මෙම ගුහාවෙහි දින තුනක් රැදී සිට මදීනාව කරා පිටත්වූහ.එය දීර්ඝ මාර්ගයෙකි. ඉරෙහි ඌෂ්ණයද අධිකයෙන් පැවැතීය. දෙවැනි දින සවස් වරුවේ කුඩාරමක් අසලට ළඟාවූහ. එහි උම්මු ම:බද් යනුවෙන් හදුන්වන කාන්තාවක් දුටූහ.ඇයගෙන් ආහාර පානයන් ඉල්ලා සිටීහ.ඇය වෙත මෙච්චලට යා නොහැකි අසරණවූ කෙට්ටු, කිරි බිංදුවක් හෝ නොමැති එළුවෙක් හැර වෙන කිසිවෙක්වත් ඔවුන් නොදිටීහ. එහෙයින් නබිතුමා එළුවා ලඟට ගොස් කිරි බුරුල්ල අතින් පිරිමැද කිරි දොවන්නට විය.එයින් ලොකු භාජනයකට කිරි පුරවන්නට විය. එය දුටු උම්මු ම:බද් පුදුමයට පත්ව සිටී යේය.පසු පිපාසයෙන් මිදෙන තෙක් ඔවුන් සැමදෙනා එය පානය කළහ.පසු නබිතුමා දෙවන වරටත් කිරි දොවා භාජනය පුරවා එය උම්මු ම:බද්ට භාරදී තම ගමන ආරම්භ කළේය.

මදීනා වැසියන් මුහම්මද්(සල්) තුමාගේ පැමිණීම අපේක්ෂා කරමින් සිටීහ.ඔවුන් සැමදා මදීනාවේ පිටසිට එතුමාගේ ඒම බලාපොරොත්තුවූහ.නබිතුමා මදීනාවට පිවිස දින ඔවුන් සතුටින් ප්‍රශංසාකර පිළිගත්හ.එතුමා මදීනාවේ සානුවේ පිහිටී කූබා යන ස්ථානයේ බැසීය.එහි දින හතරක් රැදීසිට ඉස්ලාම්හි ප්‍රථම දේවස්ථානය වන මස්ජිදුල් කූබා දේවස්ථානයට එහිදී අත්ති වාරම තැබීය.පස්වන දින මදීනාවට ගියේය. අන්සාර්වරුන් (උපකාර කළ මදීනා වැසියන්) අධික පිරිස් නබිතුමා කැදවා ගෙන යාමටද, තමන්ගේ නිවසෙහි එතුමාට ආගන්තුක සංග්‍රහය කර එමගින් ගෞරවය ලැබීමටද ආශා කළහ.එනිසා ඔවූහු ඔටුවාගේ කඩිවාලම අල්ලා ගත්හ.නබිතුමා ඔවුන්ට ස්තුති පුද කරමින් ‘මෙය අත අරින්න.නියත වශයෙන්ම මෙය අල්ලාහ් ගේ අණට කීකරුවේ’.යනුවෙන් පැවැසීය.අල්ලාහ් අණ කළ ස්ථානය කරා ගොස් එය දණගැසීය.පසු එය නැගිට මදක් ඇවිදීමෙන් පසු ආපසු පැමිණ පළමු ස්ථානයෙහි දණ ගැසීය.මේ දක්වා නොබැස සිටී නබිතුමා මෙහිදී බැසීය. මෙම ස්ථානය මස්ජිදුන් නබවි දේවස්ථානයට අයත් ස්ථානය විය.නබි තුමා අබූ අයියූබ් අල් අන්සාරීගේ නිවසෙහි ලැගුම් ගත්තේය. අලි බින් අබූතාලිබ් නබිතුමාගෙන් පසු දින තුනක් මක්කාවෙහි රැදී සිට මදීනාව කරා පිටත්ව කූබා යන ස්ථානයේ නබිතුමා සමග එක්විය.

මදීනාවේ නබිතුමා

නබි මුහම්මද්(සල්) තුමා එතුමාගෙ ඔටුවා දණගැසු ස්ථානය හිමි කාරයාගෙන් මිළදීගෙන එහි තම මස්ජිදය (දේවස්ථානය) ඉඳි කළාය.මුහාජිරීන් (එතුමා සමග මක්කා සිට පැමිණ මිත්‍රයන්) හා අන්සාරීන් (උපකාර කළ මදීනා වැසියන්) අතර සහෝදරත්වය ඇති කළාය.සැම අන්සාර්වරුන්ටම මුහාජිර්වරයෙකු බැගින් සහෝදරකර, ඔවුන්ගේ සම්පත්වලට කොටස්කරුවන් කළාය.මුහාජිර්වරුන් හා අන්සාර්වරුන් එකට වැඩ කරන්නට පටන් ගත්හ.සහෝදරත්වය ඔවුන් අතර අධිකවන්නට වීය.
කුරෛෂිවරුන්ට මදීනා යහූදිවරුන් (යූදෙව්) සමග සම්බන්ධ තාවයන් පැවැත්වින. එනිසා ඔවුන් මුස්ලිම්වරුන් අතර ප්‍රශ්ණ හා බේද ඇතිකිරීමට තැත් කළහ.තවද ඔවුන් මුස්ලිම්වරුන්ට අවවාද කරමින්ද, ඔවුන් අවසන්කරන බව තර්ජන කරමින්ද සිටීහ. මෙසේ භාහිරයෙන් හා අභ්‍යන්තරයෙන් මුස්ලිම්වරුන්ට අනතුරු පිරිවරමින් තිබින. සහාබිවරුන් (නබිතුමාගේ අනුගාමිකයන්) ආයුධයෙන් තොරව රැ ගත නොකරන තරමට කාර්‍‍ය උග්‍රවීය.මෙම භයානක සමයේ අල්ලාහ් තආලා යුද්ධ කිරීමේ අවසරය පහළ කළේය. එනිසා නබිතුමා විරුද්ධවාදීන්ගේ ගැවසීම ඔත්තු බැලීම සඳහා සේනාවක් පිළියෙළ කළේය.එසේම ඔවුන් මුස්ලිම්වරුන් සමග ගිවිසුම්කර නිදහසේ ඉස්ලාම් ධර්මය ප්‍රචාරය කිරීමටද ඒ අනුව ක්‍රියා කිරීමටද කටයුතු සලස්වන තෙක්, මුස්ලිම්වරුන්ගේ ශක්තිය පෙන්වීම මගින් ඔවුන්ට තම බලය තහවුරු කිරීම සඳහා වෙළඳ ගෝත්‍රයන්ට මගෙහි අවහිර කිරීමට සූදානම් කළේය.මේ වනවිට නබිතුමා සමහර ගෝත්‍රයන් අතර සුහඳ ගිවිසුම්ද කර සිටියේය.

බද්ර් යුද්ධය

නබි මුහම්මද්(සල්) තුමා, කුරෛෂිවරුන්ගේ වෙළඳ කණ්ඩායමක් මගෙහි බාධා කිරීමට තීරණය කළේය.එනිසා එතුමා මිනිසුන් 313 දෙනෙක් සමග පිටත්විය.ඔවුන් සමග අශ්වයන් දෙන්නෙක් හා ඔටුවන් 70 දෙනෙක් පමණක් සිටීය.කුරෛෂිවරුන්ගේ කණ්ඩායමේ ඔටුවන් 1000 ක් සිටීය.එයට අබූ සුෆ්යාන් නායකත්වය දුන් අතර ඔහු සමග(පමණක්) මිනිසුන් 40 දෙනෙක් සිටීහ.මුස්ලිම්වරුන් පිටත්ව ඒම දැනගත් අබූ සුෆ්යාන්, මේ පිළිබඳව මක්කාවට පණිවිඩයක් යවා ඔවුන්ගෙන් උදව් පැතීය.ඔහු තම ගමන් මාර්ගය වෙනස් කරමින් වෙනත් මාර්ගයකින් ගමන් කළ බැවින් මුස්ලිම්වරුන්ගේ අපේක්ක්‍ෂාව නොඉටුවිය. කුරෛෂිවරුන් 1000 කින් සමන්චිත සේනාවකින් ආහ.එවිට අබූ සුෆ්යාන්ගේ දූතයා ඇවිත් ‘වෙළඳ කණ්ඩායම බේරි(ජයපිට) පැමිණෙන බවත්, මක්කාව බලා ආපසු යන ලෙසත්’ ඉල්ලා සිටියේය. නමුත්, අබූජහ්ල් ආපසු යාම ප්‍රතික්ෂේප කළේය. ඔවුන්ගේ සේනාව බද්ර් කරා යන්නට විය.කුරෛෂි වරුන්ගේ පිටවීම දැනගත් නබිතුමා තම අනුගාමිකයන් සමග සාකච්ඡා කළේය.ඔවුන් සැමදෙනා කාෆිර්වරුන්ගේ සේනාවට මුහුනදී(යුද්ධ කිරී)මට එකඟවූහ.

 

හිජ්රි (හිජ්රත් ගමනෙන් පසු) දෙවැනි වසරේ රමලාන් මස 17 වැනි සිකුරාදා දින උදේ දෙපිරිසම මුන ගැසින.ඔවුන් අතර යුද්ධය උග්‍රව පැවැත්විය.මුස්ලිම්වරුන්ට ජය ලැබීමත් සමගම යුද්ධය අවසන්විය.මුස්ලිම්වරුන් 14 දෙනෙක් දිවි පුද කළහ. මුෂ්රික්වරුන් 70 දෙනෙක් මරණයට පත්වූ අතර 70 දෙනෙක් අත් අඩංගුවට ගැනු ලැබින.මෙම යුද්ධය පැවැතී අවස්ථාවේ නබිතුමාගේ දියණියෙක්වන උස්මාන් බින් අෆ්වාන්(රලි) තුමා ගේ බිරිඳවූ රුකයියා(රලි) තුමිය (මදීනාවේදී) අභාවයට පත්වීය.අසනීපයෙන් පෙළෙන තම බිරිඳ සමග මදීනාවේ රැදී සිටින මෙන් නබිතුමා කළ ඉල්ලීම අනුව මෙම යුද්ධයට සහභාගී නොවී උස්මාන්(රලි) තුමා තම බිරිඳ සමග මදීනාවේ නැවැතී සිටියේය. යුද්ධයෙන් පසු නබිතුමා, උම්මු කුල්සූම්(රලි) නමැති තම දෙවැනි දියණිය උස්මාන්(රලි) තුමාට විවාහකර දුන්නේය. මෙනිසා එතතුමා ‘දුන්නූරෛන්’ (ආලෝකයන් දෙකක් සතු තැනැතප්තා) යනුවෙන් හැඳින්වීය.කුමක්නිසාදයත්, ඔහු නබි තුමාගේ දියණියන් දෙන්නෙක් විවාහ කළේය.

බද්ර් යුද්ධයෙන් පසු මුස්ලිම්වරුන් අල්ලාහ්ගේ උපකාරයෙන් සතුට විඳිමින් මදීනාව කරා ආපසු පැමිණීහ.ඔවුන් සමග සිර කරුවන්ද ගනීමත් (යුද්ධයේදී අතහැර ගිය) ද්‍රව්‍යයන්ද තිබින.සමහර සිරකරුවන් ඇපය මත නිදහස්වූහ. සමහරුන් ඇපයන් නොමැතිව නිදහස් වූහ.සමහරුන් (උගතුන්) මුස්ලිම් දරුවන් දස දෙනාට කියවීමට හා ලියවීමට ඉගැන්වීමේ ඇපය මත නිදහස්වූහ.

උහද් යුද්ධය

බද්ර් යුද්ධයෙන් පසු මුස්ලිම්වරුන් හා මක්කාවේ කාෆිර් වරුන් අතර වෙනත් යුද්ධ කීපයක්ද සිදුවීය.මෙයින් උහද් යුද්ධය දෙවැනි යුද්ධයෙකි.මෙම යුද්ධයේ මුස්ලිම්වරුන් නබි ත`මාගේ අණට කීකරු නොවූ නිසාත්, ඔවුන්ට නියමකළ කාර්‍‍ය යන්හි ඔවුන් වරද්ද කළ නිසාත් මුෂ්රික්වරුන්ට ජය ලැබින.මෙම යුද්ධය සඳහා මක්කා වැසියන් 3000 කින් සමන්චිත යුධ සේනාවක් පිටත්විය.මුස්ලිම්වරුන් 700 දෙනා පමණක් සිටීහ. මෙම යුද්ධයෙන් පසු යහූදීන් පිරිසක් මක්කාවට ගොස් මදීනා මුස්ලිම්වරුන් සමග යුද්ධ කිරීමට ඔවුන් දිරිගැන්වූහ.ඔවුන් උදව් උපකාර කරන බවද පොරොන්දු වූහ.ඔවුන්ද එය පිළිගත්හ.පසු වෙනත් ගෝත්‍රයන්ද මුස්ලිම්වරුන්ට එරෙහිව යුද්ධ කිරීමට ඔවුහු දිරිගැන්වූහ. ඔවුන්ද එසේම එකඟවූහ. එනිසා මුෂ්රික්වරුන් 10,000 කින් සමන්චිත කණ්ඩායමක් සමග සැම තැන් සිටම මදීනා කරා පැමිණීහ.

නබි(සල්) තුමා විරෝධීන්ගේ ගැවසීම දැනගත් විගස තම අනුගාමිකයන් සමග සාකච්ඡා කළේය.එම සාකච්ඡාවේදී ‘මදීනා වටේම කඳු නැති තැන්වල වළ කැපීම’ පිළිබඳ යෝජනා වක් සල්මානුල් ෆාර්සී (රලි) යන සහාබිවරයා ඉදිරිපත් කළේය.(ඒ අනුව) කඩිනමින් අවසන් කිරීම සඳහා සෑම මුස්ලිම්වරුන්ම වළ කැපීමේ කාර්‍‍යැයට සහභාගීවූහ.මුෂ්රික්වරුන් මෙම වළ පසුකර යාමට නොහැකිව මසකට ආසන්න කාලයක් රැදී සිටීහ.පසු අල්ලාහ් කාෆිර්වරුන් කරා තද සුළගක් එව්වේය. එමගින් ඔවුන්ගේ කඬඩාරම් සියල්ල ගැලවී ගියහ.ඔවුන් බියට පත්වී සීඝ්‍රයෙන් තමතමන්ගේ ගම්බිම් කරා ආපසු යන්නට වූහ.

මක්කා ජය ගැනීම

නබි මුහම්මද්(සල්) තුමා හිජ්රි අටවැනි වසරේ මක්කා වැසි යන් සමග යුද්ධකර මක්කාව ජයගැනීමට තීරණය කළේය.එතුමා රමලාන් මස දසවැනි දින 10,000 කින් යුත් සේනාවක් සමග පිටත්ව, කිසියම් යුද්ධයකින් තොරව මක්කාව තුලට පිවිසීය. කුරෛෂිවරුන් යටහත් වූහ.අල්ලාහ් මුස්ලිම්වරුන්ට උපකාර කළාය.නබිතුමා ‘මස්ජිදුල් හරාම්’ දේවස්ථානය කරා ගියේය.එහි කා:බාව සක්මන් (වටකිරීම්) කර, එහිතුල රකඅත් දෙකකින් සමන්චිත සලාතයක් ඉටුකළේය. මින්පසු කා:බා තුල හා උඩහි තිබී සැම පිළිමයන් කඩා විනාශ කළ පසු නබිතුමා කා:බාවේ දොරටුවහි රැදී සිටීය.

කුරෛෂිවරුන් මස්ජිදුල් හරාම් හි පෝළිමෙන් සිටගෙන තමන්ට කුමක් කරයිදැයි බලා සිටීහ.එවිට නබිතුමා ‘කුරෛෂි වරුනී, ඔබලාට කුමක් කරමි යනුවෙන් සිතන්නේද?’ යනු වෙන් ඇසීය.ඔවුහූ ‘ඔබ යහපත් දේ කරන්නාය.ඔබ ගෞරවණීය සහෝදරයාය. ගෞරවණීය සහෝදරයාගේ පුත්‍රයාය’. යනුවෙන් කීහ. පසුව නබිතුමා ‘ඔබලා යාහැක. ඔබලාට නිදහස්ය’. යනු වෙන් පැවැසීය. මුහම්මද්(සල්) තුමා, තමා වේදනා කළ, තම අනුගාමිකයන් මරණයට පත්කළ, තමාට හිරිහැර කළ හා තමා තම ගමෙන්ම පිටමන්කළ විරෝධීන්ට සමාව දීමෙන් උසස්  ආදර්ශයක් පෙන්වා දුන්නේය.මක්කා ජය ගැනීමෙන් පසු අල්ලාහ්ගේ ධර්මය කරා මිනිසුන් කණ්ඩායම් පිට පිවිසෙන්නට වූහ. හිජ්රි දසවැනි වසරේ නබි(සල්) තුමා හජ් කර්තව්‍යය ඉටු කළේය. එය නබිතුමා කළ එකම හජ් කර්තව්‍යයෙකි.එතුමා සමග ලක්‍ෂයකට අධික පිරිසක් හජ් කර්තව්‍යය ඉටු කළහ.හජ් කර්තව්‍යය ඉටු කළායින් පසු නබිතුමා මදීනාවට පැමිණියේය.

නබිතුමාගේ අභාවය

හජ් කර්තව්‍යය ඉටුකර පැමිණ මාස දෙකහමාරකින් පසු නබිතුමා අසනීපයට පත්විය.එය දිනෙන් දින අධිකවන්නට විය.මිනිසුන්ට සලාතය ඉමාමත් (නායකත්වයදී එය ඉටු) කිරීමට නොහැකිවූ එතුමා,ඉමාමත් කරන මෙන් අබූබක්ර් සිද්දීක් (රලි) තුමාගෙන් ඉල්ලා සිටියේය.හිජ්රි එකළොස් වැනි වසර රබීඋල් අව්වල් මස දොළොස් වැනි සඳුදා දින නබි මුහම්මද්(සල්) තුමා අභාවප්‍රාප්තවීය. එවිට එතුමාට වසර 63 ක් සම්පූර්ණවී තිබින.මෙම පණිවිඩය සහාබි (අනුගාමික)වරුන් ලද විගස ඔවුන්ගේ සිහි බුද්ධිය නැතිවිය.ඔවුන් එය සත්‍ය නොකළහ. එවිට අබූ බක්ර්(රලි) තුමා නැගිට ඔවුන් සැනසුම්කර ‘නියතවශයෙන්ම නබිතුමා මනුෂ්‍යයෙකි.මිනිසුන් මැරෙන සේ එතුමාද මරණයට පත්වෙන්නේය’.යනුවෙන් පැවැසීය. මිනිසුන් සැනසුම් වූහ.නබි තුමාගේ දේහය නාවා, කෆන් (ඇදුම් පැළඳුම්) කර, භූමිදානය කිරීමේ කටයුතු සියල්ල අවසන්වීය.

 

නබි(සල්) තුමාගේ අභාවයෙන් පසු මුස්ලිම්වරුන් අබූබක්ර් සිද්දීක් (රලි) තුමාව මුස්ලිම්වරුන්ගේ කලීෆා(නායකයා) ලෙස තෝරා පත් කළහ.එතුමා කුලෆාඋර් රාෂිදීන්වරුන් (යහමග ගිය නායකයන්) අතර පළමුවන්නාය.නබිතුමා මක්කාවේ නබිත්වයට පෙර හතලිස් වසරක්ද, නබිත්වයට පසු දහතුන් වසරක්ද, මදීනාවේ දස වසරක්ද ජීවත්වීය.

නබිතුමාගේ ගුණාංග

මුහම්මදු(සල්)තුමා මිනිසුන් අතර ඉමහත් වීරවන්තයා ලෙස සිටීය. අලී බින් අබූතාලිබ් (රලි) තුමා ‘උග්‍ර යුද්ධයේ යෙදී සිටියදී හා දෙපිරිස් අතර මුහුණට මුහුණ යුද්ධය කරද්දී අපි නබි (සල්) තුමා මගින් ආරක්‍ෂාවෙමු’ යනුවෙන් පවසන්නේය. නබි (සල්)තුමා මිනිසුන් අතර ඉමහත් ධානවන්තයා වශයෙන් සිටියේය. එතුමාගෙන් කිසියම් දෙයක් අයැද සිටින්නේද එය නොමැති බව එතුමා නොපවසන්නේය. එතුමා මිනිසුන් අතර ඉමහත් ඉවසීලී වන්තයා ලෙස සිටීය. එතුමා තමා වෙනුවෙන් කිසියම් කෙනෙකු ගෙන් පළිගැනීම්ද, කෝපවීම්ද නොකළේය. නමුත්, අල්ලාහ්ගේ ගෞරවයන් උදාසීන කරන අවස්ථාවන් පමණක් එතුමා අල්ලාහ් වෙනුවෙන් පළි ගත්තේය. යථාර්තයෙන් තමන්ගේ අයද,අන් අයද,බලවතාද හා අසරණයාද එතුමා වෙත සමානය. යාමෙකු අන් කෙනෙකුට වඩා අල්ලාහ් පිළිබද බිය භක්තියෙන් (තක්වා)තොරව ෂ්‍රේෂ්ඨවන්තයා නොවන බව එතුමා තහවුරු කළේය. නියත වශයෙන්ම සෑම මනුෂ්‍යයන්ම සමානවන්තයන්ය. පැරණි සමාජයන් විනාශවූයේ ඔවුන් බලවතා සොරකම් කළේද එය නොසලකා සිටීම හා අසරණයා සොරකම් කළේද ඔහුට දඩුවම් ලබාදීම යන හේතු නිසාය. නබිතුමා “අල්ලාහ් මත දිවුරා කියමි, මුහම්මද්ගේ දියණියවූ ෆාතිමා සොරකම් කළේද නිශ්චයෙන්ම ඇයගේ අත කපන්නෙමි” යනුවෙන් පැවැසීය.

නබි මුහම්මදු(සල්) තුමා කිසියම් ආහාරයක් ගැන විවේචන නොකළේය. කැමැති වුවද, එය අනුභව කළේය. අකැමැති වුවද, එය අනුභව කිරීමෙන් වැළකී සිටියේය. නබිතුමාගේ පවුලේ අය තම නිවසෙහි ලිප නොදැල්වා මාසයක් හා දෙමාසයක් ගත කළහ. රට ඉදි හා ජලය ඔවුන්ගේ ආහාරය විය. නබිතුමා කුස ගින්න නිසා තම කුසහි ගල්ද බැද සිටියේය. එතුමා තම පාවහන් මසා ගත්තේය. ඇදුමට අණ්ඩ දමා ගත්තේය. නිවෙස් වැඩහි තම බිරිදට සහාය දැක්විය. රෝගීන්ගේ සුවදුක් විමසීම් කළේය. එතුමා මිනිසුන් අතර ඉමහත් කීකරු වන්තයාය. පොහොසතාද දිළින්දාද උසස්වන්තයාද පහත්වන්තයාද හෝ වේවා භෝජන සංග්‍රහය සදහා ආරාධනා කළේද එය එතුමා පිළිගත්තේය.එතුමා දුප්පතුන් (මිස්කීන් වරුන්) ප්‍රීය කළේය. ඔවුන්ගේ ජනාසාවලට සහභාගිවීය. ඔවුන්ගේ රෝගීන් සුවදුක් විමසීය. දිළින්දෙකු ඔහුගේ දිළිදුකම නිසා නින්දා නොකළ්ය. රජු කෙනෙකුට ඔහුගේ රජකම නිසා බිය නොවීය. එතුමා අශ්වයා, ඔටුවා, බූරුවා හා කොටළුවා මත ගමන් බිමන් කළේය.

නබි මුහම්මදු(සල්) තුමා අධික කලබලයටද ශෝකයටද පත් වුවද මිනිසුන් අතර මැද සිනාවෙන් හා යහපත් ශීලයෙන් සිටීය. එතුමා මිහිරි සුවදයන් ප්‍රීය කළේය.දුගදයන් පිළිකුල් කළේය. අල්ලාහ් එතුමාට සම්පූර්ණ ගුණාංගයන් හා කුසල් ක්‍රියාවන් එකතුකළේය. තවද, අල්ලාහ් එතුමාට,පෙරැන්නන්ට හා පසු වැසෙන්නන්ට නොදුන් දැනුම (ඥාණයන්) ලබා දුන්නේය. එතුමා කියවීමට හා ලියවීමට නොහැකි සාමාන්‍ය කෙනෙකි. මිනිසුන් ගෙන් කිසියම් කෙනෙකු එතුමාට ගුරුවරයෙකු නොවීය. අල්ලාහ්ගෙන් සිට මෙම කුර්ආනය එතුමා ගෙන ආවේය. එම කුර්ආනයේ අල්ලාහ් තආලා මෙසේ පවසන්නේය.

(٨٨:١٧)
قُل لَئِنِ اجتَمَعَتِ الإِنسُ وَالجِنُّ عَلىٰ أَن يَأتوا بِمِثلِ هٰذَا القُرءانِ لا يَأتونَ بِمِثلِهِ وَلَو كانَ بَعضُهُم لِبَعضٍ ظَهيرًا

(17:88) “இந்த குர்ஆனை போன்ற ஒன்றைக் கொண்டுவருவதற்காக மனிதர்களும் ஜின்களும் ஒன்று சேர்ந்து (முயன்று), அவர்களில் ஒரு சிலர் சிலருக்கு உதவிபுரிபவர்களாக இருந்தாலும், இது போன்ற ஒன்றை அவர்கள் கொண்டு வரமுடியாது” என்று (நபியே) நீர் கூறும்.

“මෙම කුර්ආනය සේ එකක් ගෙන ඒම සදහා මිනිස් හා ජින් වර්ගයන් එකතුවී (උත්සාහ කළද,) ඔවුන්ගෙන් පිරිසක් තවත් පිරිසකට සහයෝගය කළද, ඔවුන්ට මෙසේ එකක් ගෙන ඒමට නොහැක”. (17:88) එතුමා උම්මී (ලියවීමට හා කියවීමට නොදන්නා) වශයෙන් සිටීම “කුර්ආනය එතුමා ලියු හෝ එතුමා ඉගෙන ගත් හෝ එතුමා පැරෙණී ග්‍රන්ථයන් මගින් උපුටාගත් හෝ එකක් බව පවසන නින්දාකාරයන්ගේ වෑයමට මුඛවාඩම් බැදීමක් වශ යෙන් පවතීය.

නබිතුමාගේ ආශ්චර්යයන්

නියතවශයෙන්ම (නබිතුමාට පහළවූ) අල්කුර්ආනය ශ්‍රේෂ්ඨම ආශ්වර්යයෙකි. මෙය භාෂා ශෛල්‍ය පණ්ඩිතයන් පවා අසමත් කළේය. මෙම කුර්ආනයේ ඇති පරිදී පරිච්ජේදයන් දහයක් හෝ එක් පරිච්ජේදයක් හෝ එක් වැකියක් හෝ ගෙනෙන ලෙස අල් කුර්ආනය අභියෝග කළේය. නමුත් මුෂ්රික්වරුන් එම අභි යෝගයට මුහුණ දීමට නොහැකිවූහ.

මුෂ්රික්වරුන් එතුමාගෙන් ඔප්පුකිරීමේ සාධකයන් පෙන්වන ලෙස ඉල්ලා සිටීහ. එබැවින් ඔවුන්ට එතුමා චන්ද්‍රයා පළා පෙන්නුවේය. එය කොටස් දෙකක් වන සේ පැළීය. එතුමාගේ ඇගිලි අතර සිට අධික වතාවන් ජලය ඉතිරීය. තම අතෙහි තිබු ගලක් තස්බීහ් (අල්ලාහ් ප්‍රශංසා) කළේය. පසු එය අබූබක්ර් (රලි) ගේ අතේද, පසු උමර් (රලි) ගේ අතේද, පසු උස්මාන් (රලි) ගේ අතේද එතුමා තැබීය. එවිටද එය තස්බීහ් කළේය.

නබිතුමා අනුභව කරන අවස්ථාවේ එතුමාගේ ආහාරයන් තස්බීහ් කිරීම මිනිසුන් දිටීහ. නබිත්වයට පසු සමහර රාත්‍රීයන් ගල් හා ගස් යනාදියන් එතුමාට සලාම් (මූඛ වර්ණනා) කීහ. වහදී එතුමා මැරීම සදහා යහුදී කාන්තාවක් තෑගි කළ වහ තැවූ එළු මස් එතුමා සමග කථා කළේය. එක් අරාබිවරයෙක් තමාට සාධකයක් පෙන්වන මෙන් ඉල්ලා සිටියේය. එනිසා නබිතුමා ගලකට අණ කළේය. එය පැමිණීය. නැවත අණ කළේය එය ආපසු තම ස්ථානයට ගියේය. කිරි නැති එළුවෙකුගේ කිරි බුරුල්ල එතුමා අතින් පිරිමැදීය. එහි කිරි ඉතිරෙන්නට විය. එයින් නබිතුමා කිරි දොවා තමා පානය කර, අබූබක්ර් (රලි) තුමාටද පානය කිරීමට දුන්නේය. අලි බින් අබීතාලිබ් (රලි) තුමා ගේ ඇස් දෙක රෝගයට පත්වූ විට නබිතුමා තම කෙළ ඔහුගේ ඇස්හි පිරිමැදීය. එවිගසම එය සුවවිය. එක් සහාබිවරයෙකුගේ (අනුගාමිකයා) කකුලෙහි තුවාලයක් සිදුවිය. නබිතුමා එම ස්ථානය පිරිමැදීය. එවිගසම එය සුවවිය.

නබිතුමා අනස් බින් මාලික් (රලි) තුමාට දීර්ගායුෂය, අධික සම්පත්, අධික දරුවන් හා පොහොසත්කම (බරකත්) ලබාදෙන ලෙස ප්‍රාර්ථනා කළේය. ඔහුට දරුවන් 120 දෙනෙක් ඉපදීය. ඔහු ගේ රටඉදි ගස්හි වසරකට දෙවතාවන් ගෙඩි හැදෙන්නට විය. රටඉදි ගස්හි පොදුවෙන් වසරකට එක් වතාවක් පමණක් ගෙඩි හැදීම සිරිතකි. ඔහු වසර 120 ක කාලයක් ජීවත්විය. නබිතුමා (දිනක්) මිම්බර්හි (දේශනා කුටිය)සිටිය අවස්ථාවේ මිනිසුන් (එවිට පැවැතී) සාගතය පිළිබදව එතුමාට පැමිණිළි කළහ. නබි තුමා අල්ලාහ් වෙත ප්‍රාර්ථනා කළේය. එවිට අහසේ  වලාකුඵ නොතිබින. වහාම කදු සේ වලාකුළු නැගිට මීළග ජුම්ආ දිනය (සිකුරාදා) දක්වා තද වර්ෂාවක් වැස්සේය. (නැවත ඔවුන්) අධික වැස්ස පිළිබදව නබිතුමාට පැමිණිළි කළහ. එතුමා අල්ලාහ් වෙත ප්‍රාර්ථනා කළේය. වැස්ස නැවතීය. ඔවුන් ඉර ඌෂ්ණයෙහි ඇවිදමින් පිටත්වූහ.

නබි මුහම්මදු (සල්) තුමා කන්දක් (යුද්ධයට සහභාගිවූ) වැසියන් දහස් දෙනාට තිරිගු පිටි “සාඅකින්” (සාමාන්‍යයෙන් කිලෝ දෙකහමාරක ප්‍රමාණ) හා එක් එළුවකින් ආහාර සැපයීය. ඔවුන් ක`ස පිරෙන්නට අනුභව කරමින් පිටත්වූහ. නමුත් එම ආහාරය සුළුවෙන් හෝ නොඅඩුවිය. මෙසේම නබිතුමා බෂීර් බින් ස:දු (රලි)ගේ දියණිය තම පියාට හා මාමාට ගෙන ආ ස්වල්ප රට ඉදියෙන් කන්දක් වැසියන්ට ආහාරය සැපයීය. තවද, අබූ හුරෛරා (රලි) තුමාගේ කෑම පාර්සලයෙන් සේනවියන්ට කුස පිරෙන තෙක් ආහාර සැපයීය. නබි (සල්)තුමා මරා දැමීම සදහා බලාපොරොත්තුවෙන් සිටී කුරෛෂිවරුන් එකසීය (100)දෙනා ගේ ඉදිරියේ ඔවුන්ගේ මුහුණු මත පස් ඉසමින් පිටත්ව ගියේය. ඔවුහූ එතුමාව නොදිටීහ. තවද, නබිතුමා මරා දැමීම සදහා සුරාකා බින් මාලික් එතුමා පසු පස්සෙන් ලුහු බැදමින් ගියේය. නබිතුමාව ළගාවූ විට එතුමා ඔහුට විරුද්ධව ප්‍රාර්ථනා කළේය. වහාම ඔහුගේ අශ්වයාගේ කකුලන් පොළොවහි එරෙන්නට විය.

තම ජීවිත කාලය තුල ආදර්ශමත් කෙනෙකු අනුගමනය කිරීමේ අවශ්‍යතාවයක් මිනිසා සතුව පවතියි

මෝසස්,ජේසු, කන්ෆියූසස් මෙන්ම ගාන්ධි, තෙරේසා මෑණියන්, මාටින් ලුතර් කිං වැනි අය ගැන ඔබ අසා තිබේද? ඔවුන් කුමන ආකාරයෙන් හෝ සමාජ විප්ලවයකට උරදුන් පුද්ගලයන්ය. ජීවිතයේ සැබෑ අරුතත් එහි සදාකාලික බවත් ගැන සෙවීමට ස්වභාවයෙන්ම මිනිසා සතුව සූදානමක් තිඛෙන අතර, ඇතැම් අය ඒ ගැන ව්‍යාජ හෝ අව්‍යාජ හෝ මත දරමින් සමාජයේ ඉදිරියට එයි. සෑම යුගයකම සෑම සමාජයකම මෙවන් පුද්ගලයින් බිහි වීම, මිනිසුන් තුළ තිඛෙන්නාවූ තමන්ට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් කෙරෙහි විශ්වාසය තැබීමේ බලවත් සූදානම පෙන්නුම් කරයි. එමෙන්ම මෙලෙස අනුගාමිකයින් විසින් උසස් කොට සලකනු ලැබූ පුද්ගලයින් ගැන මිත්‍යා කථා හා ප්‍රබන්ධවල මෙන්ම ඉතිහාසයේද සඳහන් වෙයි.
එහෙත් කිසිවක් විශ්වාස නොකරන බහුතරයක් වෙසෙන නවීන යුගයේ, පෙර කී මිත්‍ය කථා හා ප්‍රබන්ධ, පැරණි යුගයෙන් පැවත එන ඒවා ලෙස සැලකේ. එමෙන්ම ගෝලීයකරණයට භාජනය වූ ද, නව ආගම්වාදයට උරුමකම් කියන්නා වූද, වත්මන් සමාජයේ මිනිසුන්ට කුමක් විශ්වාස කරන්නද යන්න ප්‍රශ්නයකි.

ආධ්‍යාත්මික වශයෙන් මුහුණ දෙන ගැටළු හා එම අවශ්‍යතාවයන් සම්පූර්ණයෙන්ම නොසලකා හැර, ලෞකිකත්වයට පමණක් නැඹූරුව ජීවත් විය හැකි යැයි සිතීමට අද බහුතරයක් පෙළඹී සිටියත්, අතිවිශිෂ්ට බලයක් මත විශ්වාස කිරීම හා තමන්ට වඩා උසස් කෙනෙකු අනුගමනය කිරීමට, මිනිසුන් තුළ ඇති සූදානම මැකී යන්නේ නැත. මෙවන් යුගයක ආධ්‍යාත්මික හා ලෞකික ජීවිතය සමබරව ගත කිරීමට ආදර්ශයක් ලෙස අනුගමනය කළ හැක්කේ කවුරුන්වද?

බටහිර ලෝකය නොදැන සිටියද, සියලූ තරාතිරම්වල මිනිසුන්ට ආදර්ශමත් ජීවිතයකට මග පෙන්වන එකම නායකයෙකු වෙයි. ඔහු මුහම්මද් නම් අල්ලාහ්ගේ (දෙවියන්ගේ) දූතයාය. ඔහුගේ ජීවිත කථාව සුරක්ෂිතව ඉතිහාසගතව තිඛෙන්නේ එය අන් අයට ආදර්ශයක් වන නිසාය. එතුමාගේ ජීවිතය සාමාන්‍ය මිනිස් ජීවිතයක සෑම පැතිකඩක්ම සඳහා වන ආදර්ශයකි. මයිකල් එච්. හාට් නම් වූ ඉතිහාසඥයා මෙලෙස පවසයි.

‘මා විසින් මුහම්මද් තුමාව අනුගමනය කිරීමට තෝරා ගැනීම, ඇතැමුන්ගේ ආශ්චර්යට හා ප්‍රශ්න කිරීම්වලට ලක් විය. එහෙත් එතුමාණන් වූ කලී මෙලොවදී ආගමික හා ලෞකික වශයෙන් සාර්ථකව ජීවිතය අත්දුටු එකම පුද්ගලයාය.’

විශිෂ්ට වූ ජීවිතයකට හිමිකම් කියන එතුමාණන් ගැන බොහෝ යුරෝපානු හා ඇමරිකානු ජාතිකයින් සතුව ඉතා අඩු දැනුමක් තිඛෙන්නේ මන්ද?
කුරුස යුද්ධ කාලයේ පටන් පවතින අනුවණකාරී ක්‍රියා කලාපය හා බිය, ඍණාත්මක ප්‍රතිචාර මෙන්ම මාධ්‍ය විසින් මවාපාන ලද ප්‍රතිරුව හේතුවෙන්, ඉස්ලාම් හෝ අරාබි යන වදන් පවා ඔවුන්ගේ බුද්ධියට එකතු කරන්නේ ව්‍යාකූලත්වයකි. එහෙත් ගෝලීයකරණයෙන් එකම ගම්මානයක් වී ඇති වත්මන් ලෝකයේ අපක්ෂපාතී යැයිද, නිදහස් චින්තකයින් යැයිද කියන්නන්ට තවමත් මෙම ව්‍යාකූලත්වයෙන් මිදිය නොහැකි වූයේ කිමද? අපේ සමාජයේ මුළු ජනගහණයෙන් 1/4 පමණ ආදරය දිනූ ඒ උතුම් වූ නායකයාගේ, ජීවිතය තුලින් ආගමික නායකයෙකුගේ වැදගත්කම වටහා ගැනීමට මොහොතක් අප හා එක්වන්නට ඔබට ඇරයුම් කරන්නෙමු.

වක්තෘත්වය පිළිබඳ ඉස්ලාමීය සංකල්පය

ලොවම මවිත කරමින් මුහම්මද් තුමා (එතුමාණන්ට සාමය අත්වේවා) පැවසූ දෑ එලෙසින්ම සිදුවූවත්, ඔහු හුදෙක් අනාවැකි පලකරන්නෙක් යැයි ඉස්ලාමය පිළි නොගනියි. ඔහු දෙවියන් විසින් ජනතාවට යහමග පෙන්වීම සඳහා එවනු ලැබූ දූතයෙකු වන අතර, ඔහුගේ මාර්ගයෙන් මිනිසුන් විශ්වාස කොට පව් ක‍ෂමාව අයැද ඔවුන්ව මෙලොවට මවනු ලැබූ අරමුණ යළි හඳුනා ගනියි. වක්තෘවරුන් වූ කලී දේවත්වයට සමානකම් නොකියන අතර, නැමදුමට සුදුස්සන්ද නොවේ. එහෙත් අන් සියලූ පාපයන්ගෙන් ආරක්ෂා කරනු ලැබුව, උසස් ආධ්‍යාත්මික ජීවිතයකට හිමිකම් කියන්නා වූද, දෙවියන් විසින් දේව වාක්‍ය ලබාදුන් අයද වෙති.’

අල්ලාහ්තආලාට (දෙවියන්ට) සමාන කිසිවෙක් නොමැති බව ඉස්ලාමය පවසයි. මෙම සංකීර්ණ විශ්වයේ මැවුම්කරු හා පාලක වන ඔහුගේ ගුණාංග හා සමාන කිසිවක් නොමැත. මුහම්මද් තුමා (එතුමාට සාමය අත්වේවා) වූ කලී ඔහුගේ ගෞරවනීය සේවකයා හා දූතයා වන අතර මිනිසුන් අතර උසස්ම පුද්ගලයාය. විවිධ ජනකොටස් වෙත එවනු ලැබූ නූහ්, ඉබ්‍රාහීම්, මුසා, ඊසා (ඔවුනට සාමය අත්වේවා) වැනි වක්තෘවරුන් එම සමාජවලට ප්‍රබල බලපෑමක් සිදුකල පුද්ගලයින් වූ අතර මුහම්මද් තුමා (එතුමාට සාමය අත්වේවා) මුළුමහත් මිනිස් සමාජයටම, ලොවේ අවසන් මොහොත වන තෙක් අනුගමනය කිරීම සඳහා එවනු ලැබූ එකම වක්තෘවරයාය.

විනිශ්චය දිනය වනතුරු වන එතුමාණන්ගේ වක්තෘත්වය ගැන මුහම්මද් තුමා (එතුමාට සාමය අත්වේවා) මෙලෙස පවසයි.

‘මීට පෙර පැමිණි නබිවරුන් හා බලන කල මම එක් අලංකාර නිවසක් තැනූ කෙනෙකු මෙන්ය. එහි එක් කොනක එක් ගඩොලක් අඩුව පැවතුණි. ඒ වටා ගමන් කරමින් නිවසේ අලංකාරය නැරඹු මිනිසුන් අඩුව තිබුණු ගලත් තිබුණේ නම් යැයි පැවසූහ. මම ඒ ගලයි. අවසන් වක්තෘවරයායි.’