නබිතුමාගේ ගුණාංග

මුහම්මදු(සල්)තුමා මිනිසුන් අතර ඉමහත් වීරවන්තයා ලෙස සිටීය. අලී බින් අබූතාලිබ් (රලි) තුමා ‘උග්‍ර යුද්ධයේ යෙදී සිටියදී හා දෙපිරිස් අතර මුහුණට මුහුණ යුද්ධය කරද්දී අපි නබි (සල්) තුමා මගින් ආරක්‍ෂාවෙමු’ යනුවෙන් පවසන්නේය. නබි (සල්)තුමා මිනිසුන් අතර ඉමහත් ධානවන්තයා වශයෙන් සිටියේය. එතුමාගෙන් කිසියම් දෙයක් අයැද සිටින්නේද එය නොමැති බව එතුමා නොපවසන්නේය. එතුමා මිනිසුන් අතර ඉමහත් ඉවසීලී වන්තයා ලෙස සිටීය. එතුමා තමා වෙනුවෙන් කිසියම් කෙනෙකු ගෙන් පළිගැනීම්ද, කෝපවීම්ද නොකළේය. නමුත්, අල්ලාහ්ගේ ගෞරවයන් උදාසීන කරන අවස්ථාවන් පමණක් එතුමා අල්ලාහ් වෙනුවෙන් පළි ගත්තේය. යථාර්තයෙන් තමන්ගේ අයද,අන් අයද,බලවතාද හා අසරණයාද එතුමා වෙත සමානය. යාමෙකු අන් කෙනෙකුට වඩා අල්ලාහ් පිළිබද බිය භක්තියෙන් (තක්වා)තොරව ෂ්‍රේෂ්ඨවන්තයා නොවන බව එතුමා තහවුරු කළේය. නියත වශයෙන්ම සෑම මනුෂ්‍යයන්ම සමානවන්තයන්ය. පැරණි සමාජයන් විනාශවූයේ ඔවුන් බලවතා සොරකම් කළේද එය නොසලකා සිටීම හා අසරණයා සොරකම් කළේද ඔහුට දඩුවම් ලබාදීම යන හේතු නිසාය. නබිතුමා “අල්ලාහ් මත දිවුරා කියමි, මුහම්මද්ගේ දියණියවූ ෆාතිමා සොරකම් කළේද නිශ්චයෙන්ම ඇයගේ අත කපන්නෙමි” යනුවෙන් පැවැසීය.

නබි මුහම්මදු(සල්) තුමා කිසියම් ආහාරයක් ගැන විවේචන නොකළේය. කැමැති වුවද, එය අනුභව කළේය. අකැමැති වුවද, එය අනුභව කිරීමෙන් වැළකී සිටියේය. නබිතුමාගේ පවුලේ අය තම නිවසෙහි ලිප නොදැල්වා මාසයක් හා දෙමාසයක් ගත කළහ. රට ඉදි හා ජලය ඔවුන්ගේ ආහාරය විය. නබිතුමා කුස ගින්න නිසා තම කුසහි ගල්ද බැද සිටියේය. එතුමා තම පාවහන් මසා ගත්තේය. ඇදුමට අණ්ඩ දමා ගත්තේය. නිවෙස් වැඩහි තම බිරිදට සහාය දැක්විය. රෝගීන්ගේ සුවදුක් විමසීම් කළේය. එතුමා මිනිසුන් අතර ඉමහත් කීකරු වන්තයාය. පොහොසතාද දිළින්දාද උසස්වන්තයාද පහත්වන්තයාද හෝ වේවා භෝජන සංග්‍රහය සදහා ආරාධනා කළේද එය එතුමා පිළිගත්තේය.එතුමා දුප්පතුන් (මිස්කීන් වරුන්) ප්‍රීය කළේය. ඔවුන්ගේ ජනාසාවලට සහභාගිවීය. ඔවුන්ගේ රෝගීන් සුවදුක් විමසීය. දිළින්දෙකු ඔහුගේ දිළිදුකම නිසා නින්දා නොකළ්ය. රජු කෙනෙකුට ඔහුගේ රජකම නිසා බිය නොවීය. එතුමා අශ්වයා, ඔටුවා, බූරුවා හා කොටළුවා මත ගමන් බිමන් කළේය.

නබි මුහම්මදු(සල්) තුමා අධික කලබලයටද ශෝකයටද පත් වුවද මිනිසුන් අතර මැද සිනාවෙන් හා යහපත් ශීලයෙන් සිටීය. එතුමා මිහිරි සුවදයන් ප්‍රීය කළේය.දුගදයන් පිළිකුල් කළේය. අල්ලාහ් එතුමාට සම්පූර්ණ ගුණාංගයන් හා කුසල් ක්‍රියාවන් එකතුකළේය. තවද, අල්ලාහ් එතුමාට,පෙරැන්නන්ට හා පසු වැසෙන්නන්ට නොදුන් දැනුම (ඥාණයන්) ලබා දුන්නේය. එතුමා කියවීමට හා ලියවීමට නොහැකි සාමාන්‍ය කෙනෙකි. මිනිසුන් ගෙන් කිසියම් කෙනෙකු එතුමාට ගුරුවරයෙකු නොවීය. අල්ලාහ්ගෙන් සිට මෙම කුර්ආනය එතුමා ගෙන ආවේය. එම කුර්ආනයේ අල්ලාහ් තආලා මෙසේ පවසන්නේය.

(٨٨:١٧)
قُل لَئِنِ اجتَمَعَتِ الإِنسُ وَالجِنُّ عَلىٰ أَن يَأتوا بِمِثلِ هٰذَا القُرءانِ لا يَأتونَ بِمِثلِهِ وَلَو كانَ بَعضُهُم لِبَعضٍ ظَهيرًا

(17:88) “இந்த குர்ஆனை போன்ற ஒன்றைக் கொண்டுவருவதற்காக மனிதர்களும் ஜின்களும் ஒன்று சேர்ந்து (முயன்று), அவர்களில் ஒரு சிலர் சிலருக்கு உதவிபுரிபவர்களாக இருந்தாலும், இது போன்ற ஒன்றை அவர்கள் கொண்டு வரமுடியாது” என்று (நபியே) நீர் கூறும்.

“මෙම කුර්ආනය සේ එකක් ගෙන ඒම සදහා මිනිස් හා ජින් වර්ගයන් එකතුවී (උත්සාහ කළද,) ඔවුන්ගෙන් පිරිසක් තවත් පිරිසකට සහයෝගය කළද, ඔවුන්ට මෙසේ එකක් ගෙන ඒමට නොහැක”. (17:88) එතුමා උම්මී (ලියවීමට හා කියවීමට නොදන්නා) වශයෙන් සිටීම “කුර්ආනය එතුමා ලියු හෝ එතුමා ඉගෙන ගත් හෝ එතුමා පැරෙණී ග්‍රන්ථයන් මගින් උපුටාගත් හෝ එකක් බව පවසන නින්දාකාරයන්ගේ වෑයමට මුඛවාඩම් බැදීමක් වශ යෙන් පවතීය.