නියතවශයෙන්ම (නබිතුමාට පහළවූ) අල්කුර්ආනය ශ්‍රේෂ්ඨම ආශ්වර්යයෙකි. මෙය භාෂා ශෛල්‍ය පණ්ඩිතයන් පවා අසමත් කළේය. මෙම කුර්ආනයේ ඇති පරිදී පරිච්ජේදයන් දහයක් හෝ එක් පරිච්ජේදයක් හෝ එක් වැකියක් හෝ ගෙනෙන ලෙස අල් කුර්ආනය අභියෝග කළේය. නමුත් මුෂ්රික්වරුන් එම අභි යෝගයට මුහුණ දීමට නොහැකිවූහ.
මුෂ්රික්වරුන් එතුමාගෙන් ඔප්පුකිරීමේ සාධකයන් පෙන්වන ලෙස ඉල්ලා සිටීහ. එබැවින් ඔවුන්ට එතුමා චන්ද්‍රයා පළා පෙන්නුවේය. එය කොටස් දෙකක් වන සේ පැළීය. එතුමාගේ ඇගිලි අතර සිට අධික වතාවන් ජලය ඉතිරීය. තම අතෙහි තිබු ගලක් තස්බීහ් (අල්ලාහ් ප්‍රශංසා) කළේය. පසු එය අබූබක්ර් (රලි) ගේ අතේද, පසු උමර් (රලි) ගේ අතේද, පසු උස්මාන් (රලි) ගේ අතේද එතුමා තැබීය. එවිටද එය තස්බීහ් කළේය.
නබිතුමා අනුභව කරන අවස්ථාවේ එතුමාගේ ආහාරයන් තස්බීහ් කිරීම මිනිසුන් දිටීහ. නබිත්වයට පසු සමහර රාත්‍රීයන් ගල් හා ගස් යනාදියන් එතුමාට සලාම් (මූඛ වර්ණනා) කීහ. වහදී එතුමා මැරීම සදහා යහුදී කාන්තාවක් තෑගි කළ වහ තැවූ එළු මස් එතුමා සමග කථා කළේය. එක් අරාබිවරයෙක් තමාට සාධකයක් පෙන්වන මෙන් ඉල්ලා සිටියේය. එනිසා නබිතුමා ගලකට අණ කළේය. එය පැමිණීය. නැවත අණ කළේය එය ආපසු තම ස්ථානයට ගියේය. කිරි නැති එළුවෙකුගේ කිරි බුරුල්ල එතුමා අතින් පිරිමැදීය. එහි කිරි ඉතිරෙන්නට විය. එයින් නබිතුමා කිරි දොවා තමා පානය කර, අබූබක්ර් (රලි) තුමාටද පානය කිරීමට දුන්නේය. අලි බින් අබීතාලිබ් (රලි) තුමා ගේ ඇස් දෙක රෝගයට පත්වූ විට නබිතුමා තම කෙළ ඔහුගේ ඇස්හි පිරිමැදීය. එවිගසම එය සුවවිය. එක් සහාබිවරයෙකුගේ (අනුගාමිකයා) කකුලෙහි තුවාලයක් සිදුවිය. නබිතුමා එම ස්ථානය පිරිමැදීය. එවිගසම එය සුවවිය.
නබිතුමා අනස් බින් මාලික් (රලි) තුමාට දීර්ගායුෂය, අධික සම්පත්, අධික දරුවන් හා පොහොසත්කම (බරකත්) ලබාදෙන ලෙස ප්‍රාර්ථනා කළේය. ඔහුට දරුවන් 120 දෙනෙක් ඉපදීය. ඔහු ගේ රටඉදි ගස්හි වසරකට දෙවතාවන් ගෙඩි හැදෙන්නට විය. රටඉදි ගස්හි පොදුවෙන් වසරකට එක් වතාවක් පමණක් ගෙඩි හැදීම සිරිතකි. ඔහු වසර 120 ක කාලයක් ජීවත්විය. නබිතුමා (දිනක්) මිම්බර්හි (දේශනා කුටිය)සිටිය අවස්ථාවේ මිනිසුන් (එවිට පැවැතී) සාගතය පිළිබදව එතුමාට පැමිණිළි කළහ. නබි තුමා අල්ලාහ් වෙත ප්‍රාර්ථනා කළේය. එවිට අහසේ වලාකුඵ නොතිබින. වහාම කදු සේ වලාකුළු නැගිට මීළග ජුම්ආ දිනය (සිකුරාදා) දක්වා තද වර්ෂාවක් වැස්සේය. (නැවත ඔවුන්) අධික වැස්ස පිළිබදව නබිතුමාට පැමිණිළි කළහ. එතුමා අල්ලාහ් වෙත ප්‍රාර්ථනා කළේය. වැස්ස නැවතීය. ඔවුන් ඉර ඌෂ්ණයෙහි ඇවිදමින් පිටත්වූහ.
නබි මුහම්මදු (සල්) තුමා කන්දක් (යුද්ධයට සහභාගිවූ) වැසියන් දහස් දෙනාට තිරිගු පිටි “සාඅකින්” (සාමාන්‍යයෙන් කිලෝ දෙකහමාරක ප්‍රමාණ) හා එක් එළුවකින් ආහාර සැපයීය. ඔවුන් ක`ස පිරෙන්නට අනුභව කරමින් පිටත්වූහ. නමුත් එම ආහාරය සුළුවෙන් හෝ නොඅඩුවිය. මෙසේම නබිතුමා බෂීර් බින් ස:දු (රලි)ගේ දියණිය තම පියාට හා මාමාට ගෙන ආ ස්වල්ප රට ඉදියෙන් කන්දක් වැසියන්ට ආහාරය සැපයීය. තවද, අබූ හුරෛරා (රලි) තුමාගේ කෑම පාර්සලයෙන් සේනවියන්ට කුස පිරෙන තෙක් ආහාර සැපයීය. නබි (සල්)තුමා මරා දැමීම සදහා බලාපොරොත්තුවෙන් සිටී කුරෛෂිවරුන් එකසීය (100)දෙනා ගේ ඉදිරියේ ඔවුන්ගේ මුහුණු මත පස් ඉසමින් පිටත්ව ගියේය. ඔවුහූ එතුමාව නොදිටීහ. තවද, නබිතුමා මරා දැමීම සදහා සුරාකා බින් මාලික් එතුමා පසු පස්සෙන් ලුහු බැදමින් ගියේය. නබිතුමාව ළගාවූ විට එතුමා ඔහුට විරුද්ධව ප්‍රාර්ථනා කළේය. වහාම ඔහුගේ අශ්වයාගේ කකුලන් පොළොවහි එරෙන්නට විය.