නබිත්වයට පත්වීම

නබි මුහම්මද් නබි තුමාට වයස හතලිහ (40) ලගාවන අවධියේ මක්කාවට සමීපයෙන් පිහිටා ඇති හිරා නම්වූ කදු ගුහාවේ තනියමින් හා අසමානයෙන් සිටීමටද එහි රෑ හා දහවල් කාලය ගතකිරීමටද විය. එතුමා හතලිස්වන වියට පත්වූ සමයේ රමලාන් මාසයේ විසි එක්වන (21) දින රාත්‍රී  කාලයේ හිරා ගුහාවේ එතුමා සිටී අවස්ථාවේ  දේවදූත ජිබ්රීල් තුමා පැමිණ “පාරායනා කරන්නයනුවෙන් පැවැසීය. එතුමා “මා පාරායනා කිරීමට නොදනිමි” යනුවෙන් කීය. මෙසේ ජිබ්රීල් තුමා දෙවැනි හා තෙවැනි වතාවන්ද පාරායනා කරන මෙන් පැවැසීය. තෙවැනි වතාවේදී එතුමා නබි තුමාට…

            (سورة العلق)

اقرَأ بِاسمِ رَبِّكَ الَّذى خَلَقَ ﴿١﴾

 خَلَقَ الإِنسٰنَ مِن عَلَقٍ ﴿٢﴾

 اقرَأ وَرَبُّكَ الأَكرَمُ ﴿٣﴾

 الَّذى عَلَّمَ بِالقَلَمِ ﴿٤﴾

 عَلَّمَ الإِنسٰنَ ما لَم يَعلَم ﴿٥﴾

“සියලු දේ මැවූ ඔබ දෙවියාගේ නාමයෙන් පාරායනා කරනු, ඔහු අලක් යන ස්ථාවරයේ සිට මිනිසා මැව්වේය. පාරායනා කරනු, ඔබගේ දෙවියා මහත් ධානවන්තයෙකි. ඔහු පෑනය මගින් මිනිසාට නොදන්නා සැමදේ ඉගෙන්නුවෙzය.” (96:1-5) යනුවෙන් (පාරායනා කරන මෙන්) පැවැසීය. පසු එතුමා එතැන් සිට ආපසු පිටත්ව ගියේය. මුහම්මද් (සල්) තුමාට එහි රැදී සිටීමට නොහැකිවිය. එනිසා වැවුලන සිතින් තම නිවෙසට හැරී කදීජා වෙතට පැමිණ “මාව පොරවන්න, මාව පොරවන්න” යනුවෙන් පැවසීය. බිය යන තෙක් එත`මාව පොරවා තැබුවෙzය. එතුමා තමාට සිදුවූ දේ ගැන කදීජාට පැහැදිළිකර, තමා තම ජීවිතය ගැනද බියවන බව පැවසීය. එවිට කදීජා “එසේ නොව, අල්ලාහ් මත දිවුරා කියමි, අල්ලාහ් ඔබතුමාට කිසි දිනක නින්දා නොකරන්නේය. නියත වශයෙන්ම ඔබතුමා ඥාතීන් සමග එක්ව සිටින්නේය අසීරුතාවයන් ඉවසන්නේය. නැති බැරි අයට උපයා දෙන්නේය. අමුත්තන් සළකන්නේය. යථාර්තයෙන් දුෂ් කරතාවයට ලක්වූවන්ට උපකාර කරන්නේය”.

දින කීපයකින් පසු එතුමා ඇදහීම අඛණ්ඩව කරගෙන යාම සදහා හා රමලාන් මාසයේ ඉතිරි දිනයන් සම්පූර්ණ කිරීම සදහා හිරා ගුහාව කරා නැවත ගියේය. එම මාසය අවසන්වූ විට මක්කාව යාම සදහා හිරාවේ සිට බැසීය. “බතනුල් වාදී” නමැති ස්ථානය ලගාවූ විට දේවදුත ජිබ්රීල් තුමා අහසය හා පොළොව අතර සිංහාසනයක මත අසුන් ගනිමින් නබිතුමා වෙත පැමිණීය. පසු පහත සදහන් අල්ලාහ්ගේ වැකිය පහළ වීය.

يٰأَيُّهَا المُدَّثِّرُ ﴿١﴾ قُم فَأَنذِر ﴿٢﴾ وَرَبَّكَ فَكَبِّر ﴿٣﴾ وَثِيابَكَ فَطَهِّر ﴿٤﴾ وَالرُّجزَ فَاهجُر ﴿1-5:سورة المدّثر

(පොරෝනයකින්) පොරවමින් සිටින්නානෙණී, ඔබ නැගිට මිනිසුන්ට අවවාද කරනු. තවද ඔබ දෙවියාව ආඩම්බර කරනු. තවද ඔබ ඇදුම් පැළදුම් පවිත්‍රව තබා ගනු. තවද අපවිත්‍රකම පිළිකුල් කරනු. (74:1-5) පසුව අඛණ්ඩව අල්ලාහ්ගේ වහී (පණිවුඩය) පහළවීය.

 මුහම්මද් නබි තුමා, තම කැදවීම ආරම්භ කළ විගස එම විශ්වාසනීය කැදවීම එතුමාගේ  ශ්‍රෂ්ඨවූ බිරිද පිළිගත් අතර, ඇය අල්ලාහ් තආලාගේ ඒකත්වය හා තම ගෞරවණීය සැමියාගේ නබිත්වය සදහා සාක්ෂි දැරීය. ඇය ප්‍රථමයෙන් ඉස්ලාමය වැළදගත් තැනැත්තිය වූවාය. තම මව හා සීයාගෙන් පසු තමාට රැකවරණය දී තමාව ඇතිකළ ලොකු තාත්තා අබූ තාලිබ්ට ප්‍රති උපකාරයක් කිරීම සදහා නබිතුමා ඔහුගේ පුත්‍ර යෙක්වූ අලී තමා වෙත රදවා ගෙන තම රැකවරණයේ ඇතිකිරී මටත්, ඔහු වෙනුවෙන් වියදම් කරන්නටත් විය. මෙම සමයේ අලීද සිත් පැහැදිළිවී විශ්වාස කළේය. පසු කදීජාගේ වහළෙක් වූ සෙයිද් බින් හාරිදාද ඔවුන් සේ විශ්වාස කළේය. නබි (සල්) තුමා තම හිත මිත්‍රයාවූ අබූබක්ර් (රලි) තුමාට මේගැන දැන් විය. ඔහු කිසිදු  කලබලයෙකින් තොරව විශ්වාස කර සත්‍ය කළේය.

කැදවීමේ කාර්යය රහසිගතව පැවැතීය. රහසිගතව යනු වෙන් හැදින්වන්නේ නබිතුමාගේ මිත්‍රයන්, එතුමා පිළිපදින්නන් හා එතුමගේ කැදවීමෙන් ඉස්ලාමය වැළදගන්නන් රහසිගතව රැස්වන ස්ථානයේ කැදවීමකි. නියත වශයෙන්ම අධික පිරිස් එතුමාව විශ්වාස කළහ. නමුත්, ඔවුහූ තම ඉස්ලාමය ගැන බිය වන්නට වූහ. මක්නිසාදයත්, ඔවුන්ගෙන් කෙනෙකුගේ කාර්ය  ප්‍රසිද්ධ වෙන්නේද ඔහු ඉස්ලාමයෙන් පිටමන් කිරීම සදහා කුරේෂ්   කාෆීර්වරුන්ගේ විවිධාකාර වෙදනාවන්ට මූහුණ දීමට සිදුවිය හැකි නිසාය.

උමර්(රලි) ඉස්ලාමය වැළද ගැනීම

උමර් බින් කත්තාබ් (රලි) තුමා ඉස්ලාම් ධර්මය වැළද ගැනීම මුස්ලිම්වරුන්ට උපකාරයක් ලෙස පැවැතිය. නබි මුහම්මද් (සල්) තුමා ඔහුට ෆාරූක් යනුවෙන් නම් කළේය. කුමක්නිසාදයත්, අල්ලාහ් තආලා ඔහු විසින් සත්‍යය හා අසත්‍යය වෙන් කළේය. ඉස්ලාම් ධර්මය වැළද දින කීපයෙන් පසු දිනක් උමර් (රලි), නබිතුමාගෙන්, “නබිතුමණී, අපි සත්‍යයේ නොසිටින්නේද? “යනු වෙන් ඇසීය.එයට නබිතුමා “එසේ නොවේ අපි සත්‍යයයේම සිටින්නෙමු” යනුවෙන් පැවැසීය. “එසේනම් ඇයි අපි මෙය සගවා සිටින්නේ?” යනුවෙන් උමර් (රලි) නැවැත ඇසීය. මුහම්මද් (සල්)තුමා අර්කම් (රලි) ගේ නිවසේ තමා සමග සිටී මුස්ලිම්වරුන් ගෙන් හම්සා බින් අබ්දුල් මුත්තලිබ් යටතේ පිරිසක්ද, උමර් බින් කත්තාබ් යටතේ පිරිසක්ද වන පරිදී කොටස්කර, ඔවුන් සමග කැදවීම් මාර්ගයේ තම ශක්තිය උපුටා පෙන්නුම් කිරීම හා එම කැදවීම ප්‍රසිද්ධ කිරීම සදහා මක්කා මාර්ගයන් කරා පිටත්විය.

කැදවීමේ කටයුක්ත හෙළාදැකීමේ කාර්‍යයෙහි කුරෛෂිවරුන් විවිධ ක්‍රමයන් උපයෝගී කළහ.වේදනාවන්, අක්‍රමිකතාවන්, අපරාධයන් හා චාටු(ආශා) කථාවන් කළහ. නමුත්, මේ සියල්ල ඔවුන් ඉස්ලාම් ධර්මයේ නිරතවීමට හා මුස්ලිම් වරුන් අධිකවීමට හේතුවිය. මෙම අවස්ථාවේ ඔවුහූ නව ක්‍රියා මාර්ගයක් සදහා සැළසුම් කළහ. මුස්ලිම්වරුන් හා බණු හාෂිම් වරුන් සමග සම්බන්ධ තාවයන් සහමුලින්ම අත්හිටුවිය යුතුයි,මුස්ලිම්වරුන් සමග වෙළද කටයුතුවල යෙදීම,විවාහ කිරීම,උපකාර කිරීම හා ආශ්‍රය කිරීම යනාදියන් නොපැවැත්විය යුතුයි, යනුවෙන් පත්‍රයක ලියා එහි සැම දෙනාම අත්සන් කර එය කා:බා බිත්තියේ එල්ලා තැබූහ. මුස්ලිම්වරුන් මක්කාවෙන් පිටත්ව “ෂිඅබු අබූතාලිබ්” යන ප්‍රපාතය කරා යාමට සිදුවිය. එහිද මුස්ලිම්වරුන් දුෂ්කර වේදනාවන්ට ලක්වූහ. කුස ගින්නටද, අධික පීඩනයටද ඔවුන්ට මුහුණ පෑමට සිදුවිය. ඔවුන්ගෙන් ශක්තිවන්තයන් තම සම්පත්වලින් වියදම් කළහ. කදීජා (රලි) තමාගේ සම්පත් සියල්ල වියදම් කළාය. ඔවුන් අතර රෝග පැතිරීය. පිරිසක් මෙමගින් මැරුම් දකින තරමට පත්වූහ. නමුත් ඔවුන් ස්ථීරයෙන් හා ඉවසීමෙන් සිටීහ. ඔවුන්ගෙන් කිසියම් කෙනෙක් හෝ ආගම අතහැර නොගියහ. මෙසේම වසර තුනක් පීඩනයෙන් ගත තළහ.

පසු බණූ හාෂිම්වරුන් සමග කිට්ටුම නෑකම් පවත්වන කුරෛෂ්වරුන්ගෙන් වැදගත් පිරිසක් පත්‍රයෙහි කරුණු නිශ්ඵල කරලීමටද ඒ බව ජනතාවට දැනුම් දීමටද ඉදිරිපත්වූහ. එම පත්‍රය (කා:බා බිත්තියෙන් ගලවා) පිට ගෙනවිට එහි “බිස්මික (අ)ල්ලාහුම්ම”(‘අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි’) යන සුළු කොටස හැර අන් සියල්ල වේයන් විසින් විනාශකර ඇති බව පෙණින. මෙම අවහිරයන් අවසන් වීමෙන් පසු මුස්ලිම්වරුන් හා බණූ හාෂිම්වරුන් මක්කාවට ආපසු පැමිණියහ. නමුත් කුරෛෂ්වරුන් මුස්ලිම්වරුන්ට විරුද්ධවීමේ ස්ථාවරයේ නිරතව සිටීහ.

ශෝක වසර

අබූතාලිබ්ගේ ශරීරය පුරාම රෝගය පැතිරෙන්නට විය. ඔහු ඇතිරිල්ලෙහි (ඇදෙහි) නිරතවන්නට විය. ඔහු මරණ (සක්රාත්) වෙදනාවට ලක්වී සිටී අතර, මිය යාමට පෙර ඔහු ‘ලාඉලාහ ඉල්ලල්ලාහ්'(වැදුම් පිදුම් කිරීමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවෙකු නොමැත) යන වැකිය කීමේ අපේක්ෂාවෙන් නබි මුහම්මද්(සල්) තුමා ඔහුගේ සිරස අසලෙහි සිටියේය. නමුත්, ඔහු සමග සිටින ඔහුගේ අයහපත් මිත්‍රයන් හා ඔවුන්ගේ නායකයවූ අබූ ජහ්ල්ද එය වළක්වමින් හා ‘ඔබ පියානන්ගේ හා මුතුන් මිත්තන්ගේ ආගම අත නොඅරිනු’ යනුවෙන් ඔහුට පවසමින් සිටීහ. එනිසා ඔහු ෂිර්කයේම (අල්ලාහ්ට හවුල් කරන මගෙහි) අන්ත්‍රවිය. ඔහු ඉස්ලාම් ධර්මය නොවැළද මරණයට පත්වීම නබි මුහම්මද් (සල්) තුමාගේ ශෝකය දෙගුණයක් වීමට හේතුවිය. අබූතාලිබ් අන්ත්‍රවී මාස දෙකක් ළගාවන සමයේ නබිත`මාගේ බිරිදවූ කදීජා (රලි) තුමියද අන්ත්‍රවීය. මේ හේතුවෙන් නබිතුමා ඉමහත් ශෝකයට පත්විය. තම ලොකු පියාවූ අබූතාලිබ්ගේ හා තම බිරිදවූ කදීජා (රලි) තුමියගේ වියෝවෙන් පසු නබිතුමාට තම සමාජයෙන් හිරහැර හා පීඩා වන් අධිකවන්නට විය. (මෙම මරණ සිදුවීමෙන් නබි මුහම්මද් (සල්) තුමා අධික ශෝකයට පත් බැවින් මෙම වසර ආමුල් හුස්න් (ශෝක වසර) යනුවෙන් හැදින්විය).