ඇත් සටන

අබ්රහා, අබීසීනියා රාජ්‍යයේ රජතුමාවූ නජ්ජාෂිගේ යෙමන් ප්‍රන්ත නියෝජිතයාය. අරාබිවරුන් හජ් කර්තව්‍යය සදහා කා:බාව කරා යාම දුටු ඔහු, “සන්ආ” ප්‍රදේශයේ විශාල කෝවිලක් (පල්ලියක්) ඉදිකර, අරාබිවරුන් හජ් කර්තව්‍යය සදහා මෙම කෝවිල කරා හැරවීමට අදහස් කළේය. මෙය දැනගත් අරාබි ගෝත්‍රයක්වූ “බණූ කිනානා” ගෝත්‍රයේ කෙනෙක් එක් දින රාත්‍රීයක් එම පල්ලියතුලට ඇතුඵවී මලමූත්‍රා කර එය අපිරිසිදු කළේය. මෙය ආරංචිවූ අබ්රහා දැඩී කෝපයට පත්වී කා:බාව විනාශ කිරීම සදහා වීරයන් 60,000 කින් සමන්චිත සේනාවක් සමග පිටත්විය. ඔහු තමා සදහා ලොකුම ඇතෙක් තෝරා ගත්තේය. එම සේනාවේ ඇතුන් නව දෙනෙක් සිටීයහ. ඔහු සේනාව සමග මක්කාවට ආසන්නව ගොස් මක්කා නගරයට පිවිසීමට සූදානම් වූහ. නමුත්, ඇතුන් කා:බා දෙස බලා ගමන් නොකර දණ ගසන්නට විය. ඇතුන් අන් දෙසට හැරවූ සැම විටම පෙරළා දුවන්නටද, කා:බා දෙසට හැරවූවිට දණ ගසන්නටද පටන් ගත්හ.

ඔවුන් මෙසේ සිටින අවස්ථාවේ අල්ලාහ් අබාබීල් නමැති පක‍ෂියන් යැව්වේය. ඒවා ඔවුන් මත පිළිස්සු ගල් දමන්නට පටන් ගත්හ. එමගින් අල්ලාහ් ඔවුන් අනුභවකළ පිදුරු ආකාර යට පත්කළේය. සෑම පක‍ෂියක්ම ගල් තුනක් බැගින් රැගෙන ආහ. කොණ්ඩ කඩල සේ ගලක් හොටයෙන්ද, ගල් දෙකක් දෙපාවෙන්ද තිබින. පුද්ගලයෙක් මත ගලක් වැටෙන්නේද, ඔහු ගේ අවයන් කෑලි කොට විනාශවන්නට විය. ඔවුන් පලා යාමට පිටත්වී මාර්ගයෙහි වැටෙන්නටද විය. අබ්රහා රෝගයට පත්වී ඔහුගේ ඇගිලිද වැටෙන්නට විය. මෙනිසා ඔහු අසරණවී කුරුළු පැටියෙකු සේ සන්ආවට පැමිණ එහි මරණයට පත්විය. කුරෙෂි වරුන් ගෝත්‍ර වශයෙන් වෙන්වී සේනාවට බියෙන් තමන්ගේ ආරක‍ෂාව සදහා කදුවලට නැග සිටීහ. සේනාවට සිදුවූ දේ දුටූ ඔවුහූ වහාම ආරක‍ෂාවෙන් තම නිවෙස් කරා පැමිණීහ. නබි (සල්) තුමා උපන් ලැබීමට දින පනහකට (50) පෙර මෙම සිද්ධිය සිදුවින.

අරාබිවරුන් තම දරුවන්ගේ ශක්තිමත් ශරීර වර්ධනය සදහා ඔවුන්ට තන කිරි දීමට ගැමි වැසියන්ගෙන් ඉල්ලා සිටීම සිරිතක් ලෙස පැවැත්වින. නබි මුහම්මද් (සල්) තුමා ඉපදු මෙම සමයේ බණූ සඅද් ගෝත්‍රයේ පිරිසක් මෙම කාර්‍යය සදහා මක්කාවට පැමිණීහ. ඔවුන්ගෙන් ස්ත්‍රීන් මේ සදහා නිවෙස් සොයමින් සිටීහ. නබි මුහම්මද් (සල්) තුමාගේ අනාථකම හා දිළිදුකම නිසා ඔවුහු සැම දෙනා එතුමාව (කිරි දීම සදහා) ප්‍රතික්ෂේප කළහ. ඔවුන් අතර සිටී හලීමතුස් ස:දියියා යන කාන්තාවද අන් කතුන් සේ නබිතුමාව ප්‍රතික්ශේප කළාය. නමුත් නිවෙස් ගානක් ඇවිදද තම ජීවිතයේ මුහුණ පාන අසීරුතාවය හා දුෂ්කරතාවය, විශේෂ යෙන් එම සාගත වසරේ ඇතිවූ දුෂ්කරතාවය එම (තනකිරි දීමේ) කුලියෙන් පහසුකර ගැනීම සදහා තමා සමග ගෙන යාමට දරු වෙක් ඇයට නොලැබීය. එනිසා අඩු කුලියට හෝ එම අනාථ දරුවා භාරගැනීම සදහා හලීමා නැවත ආමිනාගේ නිවෙස කරා ගියේය.

හලීමා මක්කාවට තම සැමියා සමග සෙමින් ගමන් කරන අසරණ කෙට්ටු කොටඵවෙක් මත පැමිණියේය. ආපසු යන අවස්ථාවේ නබිතුමා තම ඔඩක්කුවේ තබාගෙන ගියේය. සෙමින් ගමන් කරමින් සිටී කොටඵවා වේගයෙන් ගමන්කර අන් සියලු වාහනයන් පසුකර යන්නට විය. යන මගෙහි (රොත්තපිටින් ) ගිය වාහන හිමියන් මේ ගැන ඉමහත් පුදුමයට පත්වූහ. තවද, හලීමා, තම තනයේ කිරි අල්පවත් නොඑරීම නිසා තම දරුවන් අධික කුස ගින්නෙන් සැමදා අඩමින් සිටී නමුත් නබි (සල්) තුමාට කිරි පොවු පසු තම තනයෙන් කිරි එරෙන්නට පටන් ගත්- බව පැවැසුවාය.

තවද, “මෙම දරුවාට කිරි දීමේ විශේෂ භාග්‍ය ලැබීමෙන් බණූ සඅද් ගෝත්‍රයේ වියලී තිබින තමාගේ ඉඩම හා සිව්පාවන් සරුවත්වූ බවද තමාගේ දිළිදුකම් හා අසරණකම් සියල්ල පොහොසත් වන පරිද වෙනස්වූ බවද” ඇය පැවැසුවාය. නබි තුමා හලීමාගේ රැකවරණයේ වසර දෙකක් ගත කළාය. ඇයද නබිතුමාට විශේෂ සැළකිලි දැක්වුවාය. එතුමාගේ යම් කාර්ර්‍යයන් හා එතුමාට සිදුවන අසාමාන්‍ය දේ ගැන හලීමා ගැඹුරෙන් වටහා ගෙන සිටියේය. වසර දෙකකින් පසු හලීමා මක්කාවේ සිටින එතුමාගේ මව හා සීයා වෙත කැදවාගෙන ගියේය. නමුත් එතුමා ගේ භාග්‍යයෙන් තමාට සිදුවූ විශේෂ වෙනස්වීමයන් දුටු හලීමා, නබිතුමාව දෙවැනි වරටත් තමාගේ රැකවරණයේ තබාගැනීම සදහා ආමිනාගෙන් බලවත් ඉල්ලීමක් කළාය. ආමිනා එකගවිය. හලීමා ඉමහත් ප්‍රීතිය හා භාග්‍ය පිරිවරමින් යතීම් (අනාථ) දරුවා රැගෙන ආපසු බණූ සඅද් ගෝත්‍රයේ තම නිවස බලා පැමිණීය.

උමර්(රලි) ඉස්ලාමය වැළද ගැනීම

උමර් බින් කත්තාබ් (රලි) තුමා ඉස්ලාම් ධර්මය වැළද ගැනීම මුස්ලිම්වරුන්ට උපකාරයක් ලෙස පැවැතිය. නබි මුහම්මද් (සල්) තුමා ඔහුට ෆාරූක් යනුවෙන් නම් කළේය. කුමක්නිසාදයත්, අල්ලාහ් තආලා ඔහු විසින් සත්‍යය හා අසත්‍යය වෙන් කළේය. ඉස්ලාම් ධර්මය වැළද දින කීපයෙන් පසු දිනක් උමර් (රලි), නබිතුමාගෙන්, “නබිතුමණී, අපි සත්‍යයේ නොසිටින්නේද? “යනු වෙන් ඇසීය.එයට නබිතුමා “එසේ නොවේ අපි සත්‍යයයේම සිටින්නෙමු” යනුවෙන් පැවැසීය. “එසේනම් ඇයි අපි මෙය සගවා සිටින්නේ?” යනුවෙන් උමර් (රලි) නැවැත ඇසීය. මුහම්මද් (සල්)තුමා අර්කම් (රලි) ගේ නිවසේ තමා සමග සිටී මුස්ලිම්වරුන් ගෙන් හම්සා බින් අබ්දුල් මුත්තලිබ් යටතේ පිරිසක්ද, උමර් බින් කත්තාබ් යටතේ පිරිසක්ද වන පරිදී කොටස්කර, ඔවුන් සමග කැදවීම් මාර්ගයේ තම ශක්තිය උපුටා පෙන්නුම් කිරීම හා එම කැදවීම ප්‍රසිද්ධ කිරීම සදහා මක්කා මාර්ගයන් කරා පිටත්විය.

කැදවීමේ කටයුක්ත හෙළාදැකීමේ කාර්‍යයෙහි කුරෛෂිවරුන් විවිධ ක්‍රමයන් උපයෝගී කළහ.වේදනාවන්, අක්‍රමිකතාවන්, අපරාධයන් හා චාටු(ආශා) කථාවන් කළහ. නමුත්, මේ සියල්ල ඔවුන් ඉස්ලාම් ධර්මයේ නිරතවීමට හා මුස්ලිම් වරුන් අධිකවීමට හේතුවිය. මෙම අවස්ථාවේ ඔවුහූ නව ක්‍රියා මාර්ගයක් සදහා සැළසුම් කළහ. මුස්ලිම්වරුන් හා බණු හාෂිම් වරුන් සමග සම්බන්ධ තාවයන් සහමුලින්ම අත්හිටුවිය යුතුයි,මුස්ලිම්වරුන් සමග වෙළද කටයුතුවල යෙදීම,විවාහ කිරීම,උපකාර කිරීම හා ආශ්‍රය කිරීම යනාදියන් නොපැවැත්විය යුතුයි, යනුවෙන් පත්‍රයක ලියා එහි සැම දෙනාම අත්සන් කර එය කා:බා බිත්තියේ එල්ලා තැබූහ. මුස්ලිම්වරුන් මක්කාවෙන් පිටත්ව “ෂිඅබු අබූතාලිබ්” යන ප්‍රපාතය කරා යාමට සිදුවිය. එහිද මුස්ලිම්වරුන් දුෂ්කර වේදනාවන්ට ලක්වූහ. කුස ගින්නටද, අධික පීඩනයටද ඔවුන්ට මුහුණ පෑමට සිදුවිය. ඔවුන්ගෙන් ශක්තිවන්තයන් තම සම්පත්වලින් වියදම් කළහ. කදීජා (රලි) තමාගේ සම්පත් සියල්ල වියදම් කළාය. ඔවුන් අතර රෝග පැතිරීය. පිරිසක් මෙමගින් මැරුම් දකින තරමට පත්වූහ. නමුත් ඔවුන් ස්ථීරයෙන් හා ඉවසීමෙන් සිටීහ. ඔවුන්ගෙන් කිසියම් කෙනෙක් හෝ ආගම අතහැර නොගියහ. මෙසේම වසර තුනක් පීඩනයෙන් ගත තළහ.

පසු බණූ හාෂිම්වරුන් සමග කිට්ටුම නෑකම් පවත්වන කුරෛෂ්වරුන්ගෙන් වැදගත් පිරිසක් පත්‍රයෙහි කරුණු නිශ්ඵල කරලීමටද ඒ බව ජනතාවට දැනුම් දීමටද ඉදිරිපත්වූහ. එම පත්‍රය (කා:බා බිත්තියෙන් ගලවා) පිට ගෙනවිට එහි “බිස්මික (අ)ල්ලාහුම්ම”(‘අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි’) යන සුළු කොටස හැර අන් සියල්ල වේයන් විසින් විනාශකර ඇති බව පෙණින. මෙම අවහිරයන් අවසන් වීමෙන් පසු මුස්ලිම්වරුන් හා බණූ හාෂිම්වරුන් මක්කාවට ආපසු පැමිණියහ. නමුත් කුරෛෂ්වරුන් මුස්ලිම්වරුන්ට විරුද්ධවීමේ ස්ථාවරයේ නිරතව සිටීහ.

ඉස්රා හා මිඃරාජ්

නබි මුහම්මදු(සල්) තුමා තායිෆ් සිට ආපසු පැමිණීමෙන් පසු එහිදී එතුමාට සිදුවූ දේද, අබුතාලිබ් හා කදීජා(රලි) අන්ත්‍රවීමද, එයින් පසු සිදුවූ කරෛෂ්වරුන්ගේ දුෂ්කර හිරහැරයන්ද නබි තුමාගේ සිතෙහි අධික ශෝකයන් ඇති කළේය. එම අවස්ථාවේ නබිතුමාට අල්ලාහ් තආලාගේ සැනසුම ලැබෙන්නට විය.

නබිත්වයේ දසවන වසර රජබ් මස විසිහත්වන දින රාත්‍රියේ, නබි මුහම්මද්(සල්) තුමා නින්දෙහි පසුවෙමින් සිටියෙදී දේව දූත ජිබ්රීල් (අලෛ) තුමා ‘බුරාක්’ද රැගෙන නබිතුමා වෙත පැමිණීය. බුරාක් යනු අකුණක් සේ වේගයෙන් ගමන් කරන පිහාටු දෙකකින් යුත් අශ්වයාට සමාන සතෙකි. එය මත නබි (සල්) තුමා අසුන් කරවාගෙන පලස්තීනයේ පිහිටා ඇති ‘බයිතුල් මුකද්දස්’ නමැති දේවස්ථනය වෙත පැමිණේය. පසු එතැන් සිට එතුමා අහසට (මි:රාජ්හි)උස්සා ගෙන ගියේය. එහි එතුමා තම දෙවියාගේ මහා සාධකයන් (ආධාරයන්) දිටීය. අහසේදී පස්වේල නැමදුම් එතුමාට අනිවාර්යවිය. එම රාත්‍රීයේම නබි මුහම්මද් (සල්) තුමා පැහැදිළි සිතින් හා දැඩී ස්ථීරයෙන් මක්කාව කරා පැමිණීය.

පසු දින එළිවීමත් සමගම නබිතුමා කා:බාවට ගොස් තමාට සිදුවූ දේ ගැන මිනිසුන්ට පැහැදිළි කළේය. එවිට කාෆිර්වරුන් එතුමාව අසත්‍ය කිරීමටත් විහිළු කිරීමටත් පටන් ගත්හ. පසු එහි සිටී පිරිසක් එතුමාව අධෛර්‍‍යමත් කිරීම සදහා බයිතුල් මුකද්දිස් දේවස්ථානය ගැන තමන්ට වර්ණනා කරන මෙන් එතුමාගෙන් ඇසීය. නබිතුමා ඔවුන්ට ඒ ගැන ටිකටික වර්ණනා කරන්නට විය. මෙයින් මුෂ්රික්වරුන් සෑහීමට පත් නොවූහ. නමුත් ඔවුන් ‘අපිට වෙනත් සාධකයන් අවශ්‍යයයි’ යනුවෙන් කීහ. එබැවින් නබි මුහම්මද්(සල්) තුමා, මක්කා දිසාවෙන් සිට පැමිණෙන කණ්ඩායමක් අතර මගදී තමාට මුණ ගැසුනු බව පවසා ඔවුන්ගේ ලක්‍ෂණයන්ද ඔවුන් සතු ඔටුවන් ගේ සංඛ්‍යාවද ඔවුන් පැමිණ වේලාවද පැහැදිළි කළේය. නබි තුමා සත්‍ය පැවැසුවද කාෆිර්වරුන් එතුමාව ප්‍රතික්ෂේප කිරීමෙහිද, මුරණ්ඩු කිරීමෙහිද, සත්‍ය නොකිරීමෙහිද නිරතවී සිටීහ. මෙම (ඉස්රා) ගමන ගියදා උදේ දේව දූත ජිබ්රීල්(අලෛ) තුමා පැමිණ නබි මුහම්මද්(සල්) තුමාට පස්වේල සලාතය (නැමදුම) ඉටුකිරීමේ ක්‍රමය හා එහි වේලාවන් ගැන ඉගෙන්වීය. මින් පෙර සලාතය උදේ හා සවස රකඅත් දෙකක් බැගින් පමණක් තිබින.

කුරෛෂ්වරුන් සත්‍යයට විරුද්ධවීමෙහි නිරතවී සිටී සමයේ නබි මුහම්මද්(සල්) තුමා මක්කාවට පැමිණෙන මිනිසුන්ට කැදවීම් කිරීමේ කාර්‍‍යයෙහි යෙදී සිටියේය. එතුමා මිනිසුන්ට ගමනේදී හා ඔවුන් නැවැතී සිටින ස්ථානවලදී ඉස්ලාම් ධර්මය උපුටා පෙන්වා එය පැහැදිළි කරන්නට විය. එතුමාගේ ලොකු පියෙකු වන  ‘අබූ ලහබ්’ද නබිතුමා යන තැන් කරා ගොස් එතුමා ගැනද එතුමාගේ කැදවීම් ගැනද මිනිසුන්ට අවවාද කරමින් සිටියේය. වරක් එතුමා මදීනාවේ සිට පැමිණී පිරිසට කැදවීම් කළේය. ඔවුහූ එය සාවදානයෙන් අසා සිට එතුමා පිළිගැනීමටත් එතුමා විශ්වාස කිරීමටත් එකගවූහ. මදීනා වැසියන් ඉතා සමීපයෙන් නබි වරයෙකු පැමිණෙන බව යහූදි (යුදෙව්) වරුන්ගෙන් දැන සිටීහ. එනිසා නබිතුමා ඔවුන්ට කැදවීම් කළ විගස එම නබිතුමා මෙතිමා බව හදුනා ගෙන ඉස්ලාමය වැළද ගැනීමට කඩිනම් වූහ. ඔවුන් ‘මෙම කාර්‍‍ය යෙහි යහූදිවරුන් තමන්ට වඩා ඉදිරියට නොයායුතුයි’ යනුවෙන් කීහ. ඔවුන් හය දෙනෙකි. දෙවන වසරේ ඔවුන් දොළොස් දෙනෙක් පැමිණ නබිතුමා වෙත රැස්වූහ. එතුමා ඔවුන්ට ඉස්ලාම් ධර්මය ඉගැන්විය. ඔවුහූ මදීනාවට ආපසු යන විට කුර්ආනය ඔවුන්ට ඉගැන්වීම සදහා හා ඉස්ලාම් ධර්මයේ නීති රීති පැහැදිළි කිරීම සදහා ‘මුස්අබ් බින් උමෛර්’ යන අය ඔවුන් සමග යැව්වේය. මදීනා වැසියන් අතර ප්‍රයෝජනයක් ඇති කිරීමට මුස්අබ් බින් උමෛර්ට හැකිවිය. ඔහු වසරකින් පසු මක්කාවට ආපසු පැමිණවිට ඔහු සමග මදීනා වැසියන් පිරිමීන් හැත්තෑ දෙන්නෙක්ද ස්ත්‍රීන් දෙන්නෙක්ද සිටීහ. නබි මුහම්මද්(සල්) තුමා ඔවුන් රැස්කළේය. ඔවුහු නබිතුමාගේ (ඉස්ලාම්) ධර්මයට උපකාර කරන බවද, එතුමාගේ අණ පිළිපදින බවද එතුමා සමග ගිවිස ගත්හ(පළමු අකබා ගිවිසුම). පසු ඔවුහූ මදීනාව කරා ආපසු පිටත්ව ගියහ.