අබ්රහා, අබීසීනියා රාජ්‍යයේ රජතුමාවූ නජ්ජාෂිගේ යෙමන් ප්‍රන්ත නියෝජිතයාය. අරාබිවරුන් හජ් කර්තව්‍යය සදහා කා:බාව කරා යාම දුටු ඔහු, “සන්ආ” ප්‍රදේශයේ විශාල කෝවිලක් (පල්ලියක්) ඉදිකර, අරාබිවරුන් හජ් කර්තව්‍යය සදහා මෙම කෝවිල කරා හැරවීමට අදහස් කළේය. මෙය දැනගත් අරාබි ගෝත්‍රයක්වූ “බණූ කිනානා” ගෝත්‍රයේ කෙනෙක් එක් දින රාත්‍රීයක් එම පල්ලියතුලට ඇතුඵවී මලමූත්‍රා කර එය අපිරිසිදු කළේය. මෙය ආරංචිවූ අබ්රහා දැඩී කෝපයට පත්වී කා:බාව විනාශ කිරීම සදහා වීරයන් 60,000 කින් සමන්චිත සේනාවක් සමග පිටත්විය. ඔහු තමා සදහා ලොකුම ඇතෙක් තෝරා ගත්තේය. එම සේනාවේ ඇතුන් නව දෙනෙක් සිටීයහ. ඔහු සේනාව සමග මක්කාවට ආසන්නව ගොස් මක්කා නගරයට පිවිසීමට සූදානම් වූහ. නමුත්, ඇතුන් කා:බා දෙස බලා ගමන් නොකර දණ ගසන්නට විය. ඇතුන් අන් දෙසට හැරවූ සැම විටම පෙරළා දුවන්නටද, කා:බා දෙසට හැරවූවිට දණ ගසන්නටද පටන් ගත්හ.
ඔවුන් මෙසේ සිටින අවස්ථාවේ අල්ලාහ් අබාබීල් නමැති පකෂියන් යැව්වේය. ඒවා ඔවුන් මත පිළිස්සු ගල් දමන්නට පටන් ගත්හ. එමගින් අල්ලාහ් ඔවුන් අනුභවකළ පිදුරු ආකාර යට පත්කළේය. සෑම පකෂියක්ම ගල් තුනක් බැගින් රැගෙන ආහ. කොණ්ඩ කඩල සේ ගලක් හොටයෙන්ද, ගල් දෙකක් දෙපාවෙන්ද තිබින. පුද්ගලයෙක් මත ගලක් වැටෙන්නේද, ඔහු ගේ අවයන් කෑලි කොට විනාශවන්නට විය. ඔවුන් පලා යාමට පිටත්වී මාර්ගයෙහි වැටෙන්නටද විය. අබ්රහා රෝගයට පත්වී ඔහුගේ ඇගිලිද වැටෙන්නට විය. මෙනිසා ඔහු අසරණවී කුරුළු පැටියෙකු සේ සන්ආවට පැමිණ එහි මරණයට පත්විය. කුරෙෂි වරුන් ගෝත්‍ර වශයෙන් වෙන්වී සේනාවට බියෙන් තමන්ගේ ආරකෂාව සදහා කදුවලට නැග සිටීහ. සේනාවට සිදුවූ දේ දුටූ ඔවුහූ වහාම ආරකෂාවෙන් තම නිවෙස් කරා පැමිණීහ. නබි (සල්) තුමා උපන් ලැබීමට දින පනහකට (50) පෙර මෙම සිද්ධිය සිදුවින.
අරාබිවරුන් තම දරුවන්ගේ ශක්තිමත් ශරීර වර්ධනය සදහා ඔවුන්ට තන කිරි දීමට ගැමි වැසියන්ගෙන් ඉල්ලා සිටීම සිරිතක් ලෙස පැවැත්වින. නබි මුහම්මද් (සල්) තුමා ඉපදු මෙම සමයේ බණූ සඅද් ගෝත්‍රයේ පිරිසක් මෙම කාර්‍යය සදහා මක්කාවට පැමිණීහ. ඔවුන්ගෙන් ස්ත්‍රීන් මේ සදහා නිවෙස් සොයමින් සිටීහ. නබි මුහම්මද් (සල්) තුමාගේ අනාථකම හා දිළිදුකම නිසා ඔවුහු සැම දෙනා එතුමාව (කිරි දීම සදහා) ප්‍රතික්ෂේප කළහ. ඔවුන් අතර සිටී හලීමතුස් ස:දියියා යන කාන්තාවද අන් කතුන් සේ නබිතුමාව ප්‍රතික්ශේප කළාය. නමුත් නිවෙස් ගානක් ඇවිදද තම ජීවිතයේ මුහුණ පාන අසීරුතාවය හා දුෂ්කරතාවය, විශේෂ යෙන් එම සාගත වසරේ ඇතිවූ දුෂ්කරතාවය එම (තනකිරි දීමේ) කුලියෙන් පහසුකර ගැනීම සදහා තමා සමග ගෙන යාමට දරු වෙක් ඇයට නොලැබීය. එනිසා අඩු කුලියට හෝ එම අනාථ දරුවා භාරගැනීම සදහා හලීමා නැවත ආමිනාගේ නිවෙස කරා ගියේය.
හලීමා මක්කාවට තම සැමියා සමග සෙමින් ගමන් කරන අසරණ කෙට්ටු කොටඵවෙක් මත පැමිණියේය. ආපසු යන අවස්ථාවේ නබිතුමා තම ඔඩක්කුවේ තබාගෙන ගියේය. සෙමින් ගමන් කරමින් සිටී කොටඵවා වේගයෙන් ගමන්කර අන් සියලු වාහනයන් පසුකර යන්නට විය. යන මගෙහි (රොත්තපිටින් ) ගිය වාහන හිමියන් මේ ගැන ඉමහත් පුදුමයට පත්වූහ. තවද, හලීමා, තම තනයේ කිරි අල්පවත් නොඑරීම නිසා තම දරුවන් අධික කුස ගින්නෙන් සැමදා අඩමින් සිටී නමුත් නබි (සල්) තුමාට කිරි පොවු පසු තම තනයෙන් කිරි එරෙන්නට පටන් ගත්- බව පැවැසුවාය.
තවද, “මෙම දරුවාට කිරි දීමේ විශේෂ භාග්‍ය ලැබීමෙන් බණූ සඅද් ගෝත්‍රයේ වියලී තිබින තමාගේ ඉඩම හා සිව්පාවන් සරුවත්වූ බවද තමාගේ දිළිදුකම් හා අසරණකම් සියල්ල පොහොසත් වන පරිද වෙනස්වූ බවද” ඇය පැවැසුවාය. නබි තුමා හලීමාගේ රැකවරණයේ වසර දෙකක් ගත කළාය. ඇයද නබිතුමාට විශේෂ සැළකිලි දැක්වුවාය. එතුමාගේ යම් කාර්ර්‍යයන් හා එතුමාට සිදුවන අසාමාන්‍ය දේ ගැන හලීමා ගැඹුරෙන් වටහා ගෙන සිටියේය. වසර දෙකකින් පසු හලීමා මක්කාවේ සිටින එතුමාගේ මව හා සීයා වෙත කැදවාගෙන ගියේය. නමුත් එතුමා ගේ භාග්‍යයෙන් තමාට සිදුවූ විශේෂ වෙනස්වීමයන් දුටු හලීමා, නබිතුමාව දෙවැනි වරටත් තමාගේ රැකවරණයේ තබාගැනීම සදහා ආමිනාගෙන් බලවත් ඉල්ලීමක් කළාය. ආමිනා එකගවිය. හලීමා ඉමහත් ප්‍රීතිය හා භාග්‍ය පිරිවරමින් යතීම් (අනාථ) දරුවා රැගෙන ආපසු බණූ සඅද් ගෝත්‍රයේ තම නිවස බලා පැමිණීය.