අබීසීනියාවට හිජිරත් යාම

තම ඉස්ලාමය එළිකරන මුස්ලිම්වරුන්ට විශේෂයෙන්, ඔවුන් ගෙන් අසරණයන්ට මුෂ්රික්වරුන් නොකඩවා හිරිහැර කරමින් සිටියදී, අබීසීනියාවේ නජ්ජාෂි රජතුමා වෙත ඔහුගේ රැකවරණය පතා පලා යන ලෙස නබි මුහම්මද්(සල්)තුමා තම අනුගාමික යන්ගෙන් ඉල්ලා සිටියේය. මුස්ලිම් වරුන්ගෙන් වැඩී පිරිසක් තමන්ට හා තම පවුලේ අයට කුරෛෂි වරුන් ගැන (හිරිහැර කරේදැයි) බියට පත්ව සිටීහ. මෙය නබිත්වයේ පස්වැනි වසරේ දීය. එනිසා මුස්ලිම්වරුන් 70 දෙනෙක් පමණ තම පවුල් සමග පලා යාමට පිටත්වූහ. ඔවුන් අතර උස්මාන් බින් අෆ්වාන් (රලි) ද ඔහුගේ බිරිදවන නබිතුමාගේ දියණියවූ රුකයියාද සිටියහ. මුස්ලිම්වරුන් අබීසීනියාවේ නැවතීම වළක් වාලීමට කුරෛෂි වරුන් කුමන්ත්‍රණය කළහ.

කුරෛෂිවරුන් අබීසීනියාවේ රජතුමාට(නජ්ජාෂි) තෑගිබෝග යවමින් පලාගිය මෙම අය තමන් වෙතට භාරදෙන මෙන් ඉල්ලීමක් කළ අතර, මොවුන් ඊසා නබිතුමාට හා එතුමාගේ මවට බැණ දොස් පවරන බවද රජතුමාට දැනුම් දුන්හ. මේ ගැන නජ්ජාෂි ඔවුන්ගෙන් විමසීය, ඔවුහු ඉස්ලාම් ධර්මය ඊසා නබිතුමා ගැන පවසන කරුණු හා සත්‍යය ඔහුට පැහැදිළි කළහ. එහෙයින් ඔහු ඔවුන් ආරක්ෂා කළේය. ඔවුන් කුරෛෂිවරුන්ට භාරදීම ප්‍රතික්ෂේප කළේය.

මෙම වසරේ දිනක් නබිතුමා කා:බා (හරම් ෂරීෆ්) වෙත ගියේය. එහි අධික කුරෛෂිවරුන් රැස්ව සිටීහ. නබිතුමා ඔවුන් අතර සිට, බලාපොරොත්තු නොවන පරිදී (سورة النج) සූරා නුජ්ම් යන පරිච්ඡේදය පාරායනා කිරීමට පටන් ගත්තේය. මෙම කාෆිර්වරුන් මින් පෙර අල්ලාහ්ගේ වැකියන් නොඅසා සිටීහ. කුමක්නිසාදයත්, ඔවුන් නබි මුහම්මද් (සල්) තුමාගෙන් කිසිවෙක් කණ්දී නොඇසීමට ඔවුහු අතර ගිවිසගෙන සිටීහ. නමුත් මෙම කුරාන් පරිච්ඡේදය පාරායනා කළවිට ආකර්ශණීය මෙම දේව වැකියන්ට ඔවුන්ගේ කණ් යොමුවිය. ඔවුන් සැම දෙනා තම නෙත් යොමා එය සවන්දීමට වූහ. ඔවුන්ගේ සිතෙහි එය හැර අන්කිසි දෙයක් නොහැගීය. මුහම්මද් (සල්) තුමා {فَاسجُدوا لِلَّهِ وَاعبُدوا}’අල්ලාහ්ට සුජූදු (හිස නැමීම්)කරන්න. ඔහුටම වැදුම් පිදුම් කරන්න.'(53:62) යන වැකිය තෙක් පාරායනා කර හිස නැමී සුජූදු කළේය. ඔවුන් කිසි කෙනෙකුට සිත් මෙල්ල නොවී ඔවුන්ද සුජූදු කරන්නට වූහ. මෙහි සහභාගි නොවූ මුෂ්රික්වරුන් සැම මාර්ගයෙන්ම සුජූදු කළ අයට දෝශා රෝපනය කළහ. මෙම අවස්ථාවේ ඔවුන් නබිතුමා ගැන අසත්‍ය යන් කතා කළහ. ඔවුන් නබිතුමා තමන්ගේ පිළිමයන් ප්‍රශංසා කළ බවද එම පිළිමයන්ගේ නිර්දේශයන් පිළිගැනෙන බව එතුමා පාවැසූ බවද කීහ. ඔවුහු, සුජූදු කළ අය එයින් වළක්වා ලීම සදහා මෙසේ දෝශාරෝපනය කළහ.

තායිෆ් ගමන

මුස්ලිම්වරුන්ට කුරෛෂ්වරුන්ගේ හිරිහැරයන්, අක්‍රමිකතා වන්, අපරාධයන්, හා නින්දාවන් නොකඩවා සිදුවින. කුරෛෂ් වරුන් යහමගට යොමු කිරීම පිළිබදව නබිතුමා වෙහෙසට පත්ව සිටියේය. තායිෆ් වැසියන්ට අල්ලාහ් යහමග පෙන්විය හැක යන අදහසින් තායිෆ් ගැන නබිතුමා සිතන්නට විය. තායිෆ් කරා ගමන් කිරීම අපහසු කරුණෙකි. මක්නිසාදයත්, තායිෆ් නගරයට යන මග වටා විශාල කදු තිබීම නිසා එම මගෙහි ගමන් කිරීම දුෂ්කර කාර්‍යයෙකි. නමුත් අල්ලාහ්ගේ මාර්ගයෙහි සෑම පහසුවිය හැක. එනමුත් තායිෆ් වැසියන් එතුමා පහත් අන්දමින් නින්දාකර පලා එවූහ. ඔවුන් කුඩා ළමයින් උසිගැන්වූහ. ඔවුන් නබිතුමාගේ විලුඹ දෙකෙහිම රුධිරය එන තෙක් ගල් ගැසූහ.

එනිසා නබිතුමා මේ සියල්ල ඉවසාගෙන අධික ශෝකයට පත්වී මක්කාව කරා ආපසු පැමිණෙන්නට විය. මෙම අවස්ථාවේ දේවදූත ජිබ්රීල් (අලෛ) තුමා කදු සදහා නියමවූ මලක් (දේව දූත )වරයා සමග පැමිණ නබිතුමාව කැදවා ‘ඔබ කැමැති දේ අණ කිරීම සදහා අල්ලාහ් තආලා ඔබ වෙත කදු සදහා නියමවූ මලක්වරයා එවා ඇත’ යනුවෙන් පැවැසීය. එවිට කදු සදහා නියමවූ මලක්වරයා ‘මුහම්මද් තුමණී, ඔබ කැමැති වන්නේනම්, මක්කාව වටකර ඇති මෙම (මක්කාව පිරිවරා ඇති) කදු දෙක මගින් මා ඔවුන් විනාශ කරන්නමි’. යනුවෙන් නබිතුමාගෙන් ඇසීය. එවිට නබිතුමා ‘නමුත්, අල්ලාහ් තආලා ඔවුන් මගින් ෂිර්ක් (හවුල්) නොකර, එකම අල්ලාහ්ට වැදුම් පිදුම් කරන පරම්පරාවක් බිහි කිරීම මා අපේක්ෂා කරමි’ යනු වෙන් පැවැසීය.

මුෂ්රික්වරුන් නබිතුමාගෙන් ආශ්වර්‍යය ක්‍රියාවන් පෙන්වන මෙන් තර්ක කරමින් සිටියා පමණක් නොව, එය වරින්වරද අසන්නට වූහ. වරක් ඔවුන් චන්ද්‍රයාව දෙකට පළා පෙන්වන මෙන් ඉල්ලා සිටීහ. නබිතුමා මේ ගැන අල්ලාහ්ගෙන් ඇසීය. එවිට ඔවුන් චන්ද්‍රයා දෙකට පැළී තිබීම දිටීහ. කුරෛෂිවරුන් මෙම ආශ්වර්‍යය සිද්ධිය දීර්ඝ වේලාවන් දුටුවමින් සිටී නමුත් ඔවුන් විශ්වාස නොකළහ. එනමුත් ඔවුන් ‘මුහම්මද් අපට හූණියම් කළේය’. යනුවෙන් කීහ. එවිට පුද්ගලයෙක් ‘ඔහු ඔබලාට හූණියම් කළාට මිනිසුන් සැම දෙනාට හූණියම් කිරීමට ඔහුට ශක්තියක් නොමැත. එනිසා (වෙළද කටයුතුවෙහි පැමි ණෙන) මගීන්ගෙන් විමසා බලන්න. යනුවෙන් කීවේය. එවිට මගීන් පැමිණියහ. ඔවුන්ගෙන් මේ ගැන විමසූහ. ඔවුහූ ‘එසේ මයි. නියතවශයෙන්ම අපිද එය දුටුවෙමු’. යනුවෙන් පැවැසූහ. නමුත් කුරෛෂ්වරුන් (මෙය දැන සිටී අතර,) ඔවුන්ගේ කුෆ්ර් (ප්‍රතීක්ෂේප කිරීම) හි හිතුවත්කාරකමින් නිරතව සිටීහ. මෙම හද පැළීමේ සිද්ධිය මීට වඩා ඉමහත් ආශ්වර්‍‍යය සිද්ධියක් සදහා පසුබිමක්විය. එය අල් ඉස්රා හා අල් මි:රාජ් යන්නේය.