තරුණ විය

නබි මුහම්මද් (සල්) තුමාට වයස හතරක් ළගාවන සමයේ දිනක් එතුමා තම කිරි සහෝදරයා (හලීමාගේ   පුත්‍රයා) සමග කුඩාරමට නුදුරින් සෙල්ලම් කරමින් සිටින අවස්ථාවේ හලීමාගේ පුත්‍රයා දිව ආවේය. ඔහුගේ මුහුණේ ආවේශ සළකුණු තිබින. ඔහු තම මවගෙන් තම කුරෛෂ් සහෝදරයා (ට සිදුවූ දේ) බැලී මට පැමිණෙන මෙන් ඉල්ලා සිටියාය. හලීමා සිදුවූ දේ ගැන විමසීය. ඔහු “ඇත්තවශයෙන්ම සුදු ඇදුම් පැළද දෙන්නෙක් අප අතර සිටී ඔහුව අල්ලා බිමට තබා ඔහුගේ පපුව පැලීය..” යනුවෙන් පවසා එම සිද්ධිය සම්පූර්ණ කිරීමට පෙර හලීමා නබි තුමා කරා වේගයෙන් දිව ගියාය. එවිට එතුමා එම ස්ථානයේ නොසැලී සිටීමද, එතුමාගේ මුහුණ තද කහ පාට වීමද, එතුමා ගේ ශරීරයේ පාට වෙනස්වී තිබීමද දිටීය. ඇය එතුමාගෙන් සිදුවූ දේ ගැන විමසුවාය. එවිට එතුමා “නියත වශයෙන්ම සුදු ඇදුමෙන් සැරසූ දෙන්නෙක් මාව අල්ලා මාගේ පපුව පැලීය. පසු මාගේ හෘදය පිටට ගෙන එයින් කඵ පැහැති දෙයක් ඉවත් කර එය විසි කිරීමෙන් පසු හෘදය ශීතල ජලයෙන් සේදුහ. පසු එය ආපසු ශරීරයතුල තබා පපුව මත පිරිමැදීය. පසු මා සිටී තැන මා හැර ඔවුන් දෙදෙනා සැගවී ගියහ” යනුවෙන් පැවැසීය. හලීමා පපුවෙහි පැලූ ස්ථානය පිරිමදා බැලුවාය. නමුත් එහි කිසි යම් සළකුණක් ඇයට දක්නට නොලැබීය. පසු මුහම්මද් (සල්) තුමා රැගෙන තම කුඩාරමට පැමිණීයාය.

පසු දින උදාවීමෙන් පසු හලීමා  මුහම්මද් (සල්) තුමාද රැගෙන මක්කාවේ එතුමාගේ මව වෙත ගෙන ගියාය. දරුවා ගැන හලීමාට අධීක ඇල්මක් තිබියදීත්, බලාපොරොත්තුවක් නොවෙන වෙලාවේ  හලීමා ආපසු පැමිණීම ගැන ආමිනා මවිතයට පත්වූවාය. එයට හේතුව ආමිනා විමසුවාය. නැවත නැවත කිහිප වරක් විමසීමකින් පසු හලීමා පපුව පැලීමෙ  සිද්ධීය පැහැදිළි කළාය.

මදීනාවේ සිටින බණූ නජ්ජාර් ගෝත්‍රයේ තම මාමාවරුන් මුන ගැසීම සදහා ආමිනා තම යතීම්(අනාථ) දරුවාද රැගෙන පිටත්වූවාය. එහි කලක් ගතකර ආපසු පැමිණෙන අතරමගදී “අබ්වා” යන ස්ථානයේ ඇය අභාවයට පත්වී එහිදීම භූමදානය කරනලදී. මෙසේ නබිතුමාට තමාගේ හයවන වියේදී තම මවද අහිමවිය. පසු එතුමා තම සීයාවූ අබදුල් මුත්තලිබ්ගේ රැකවරණ යට පත්විය. ඔහු එතුමාට අධික වගකීමෙන් රැකවරණයදී ආදරය කර රැකගෙන සිටියේය.

එතුමාට වයස හයක් සම්පූර්ණවන විට අබ්දුල් මුත්තලිබ්ද අභාවයට පත්විය. පසු දරුවන් වැඩියෙන් සිටින හා අඩු ආර්ථික යෙන් පසුවන එතුමාගේ ලොක` තාත්තාවූ අබූ තාලිබ් එතුමාට රැකවරණය දුන්නේය. ඔහුද, ඔහුගේ බිරිදද තම දරුවෙකු ලෙස සැළකීහ. යතීම්  නබිතුමා තමා ලොකු වියට පත්වන තෙක් ලොකු තාත්තාගේ රැකවරණයේ පසුවේය. මෙම සමයේ නබි තුමාගේ ආරම්භක ජීවිතය පටන් ගත්තේය. එතුමා සත්‍යතාවය හා නම්බුව යන ගුණාංගයෙන් හැසිරීමෙන් එතුමා එම සංඥා නාමයෙන් හැදුණන්නට විය. අමීන් (නම්බුකාරයා) පැමිණෙනවා යනුවෙන් පවසන්නේද එය නබිතුමා පැමිණීම තහවුරු වීමකි.

එතුමා යොවනයක්වී වැඩිවියට පත්වීමත් සමග තම ජීවිත හා ආර්ථික කටයුතු සදහා පෞද්ගලිකව ක්‍රියාකිරීමට අදහස් කළේය. තම කාර්යයන් හා ඉපයීමෙ ගමන තමා විසින්ම පටන් ගත්තේය. එනිසා එතුමා සමහර  කුරෛෂිවරුවන්ගේ බැටඵවන් කුලියට මේච්චල් කරන්නටවිය.

නබිතුමා (ෂාම්) සිරියා දේශය කරා ගමන් කරන වෙළද කණ්ඩායමක් සමග ගමන් කළේය. එම ව්‍යාපාරයේ වැඩී කොට සක් වූයේ කුවෛලිද්ගේ දියණියවූ කදීජාගේය. ඇය ධනවත් ස්ත්‍රීයෙකි. මෙම වෙළද ගමනේ කදීජාගේ භාණ්ඩ සදහා භාර කාරයා ලෙස ඇයගේ වහළෙක්වූ මෛසරා සිටියේය.

නබිතුමාගේ භාග්‍යයෙන් හා නම්බු කමින් මින් පෙරට වඩා කදීජාගේ වෙළදාමෙහි අධික ලාභයන් ලැඛෙන්නට විය. මෙසේ ලාභ අධිකවීමේ හේතුව පිළිබදව කදීජා තම වහළාවන මෛසරාගෙන් විමසීය. එවිට මෛසරා  “අබ්දුල්ලාහ්ගේ පුත්‍රයා මුහම්මද් බින් අබ්දුල්ලාහ් වෙළද කටයුතුවල යෙදී සිටියේය. ඔහු කරා අධික මිනිසුන් (සෙනග) පැමිණීහ. මෙම අධික ලාභය කිසියම් අපරාධයකින් තොරව ලැබින” යනුවෙන් කීය. මෛසරා කිව දේ කදීජා සාවදානයෙන් අසාගෙත සිටියාය. ඇය මීට පෙරද මුහම්මද් බින් අබ්දුල්ලාහ් ගැන යම් කරුණූ දැන සිටියාය. එබැවින් ඇයට එතුමා පිළිබදව තද ඇල්මක් ඇතිවිය.

කදීජා මීට පෙර විවාහවී ඇයගේ සැමියා අන්ත්‍රාවූ කාන්තා වකි. එනිසා මුහම්මද් (සල්) තුමා සමග විවාහවී නව ජීවිතයෙහි පිවිසීමට ඇය අදහස් කළාය. මේ ගැන එතුමාගේ කැමැත්ත ලබාගැනීම සදහා තමාගේ ඥාති කාන්තාවක් එතුමා වෙත යැවු වාය. එවිට එතුමා විසිපස් වියට පත්ව සිටියේය. එම කාන්තාව කදීජා විවාහ කිරීම සදහා එතුමාගේ කැමැත්ත පැතුවාය. එයට එතුමා එකගවිය. එනිසා විවාහය සිදුවිය. ඔවුන් දෙන්නා භාග්‍ය වන්තයන් වූහ. නබි මුහම්මද් (සල්) තුමා කදීජාගේ දේපළ පිළි බද කාර්යයන් පාලනය කරන්නට විය. මේසදහා තම ශක්තිය හා අවධානය යොමු කළේය. කදීජා අඛණ්ඩව ගැබ්වී දරුවන් ප්‍රසූත කළාය. ඇයට සෛනබ් , රුකයියා, උම්මු කුල්සූම් හා ෆාතිමා යන ගැහැනු දරුවන්ද, කාසිම් හා අබ්දුල්ලාහ් යන පිරිමි දරුවන්ද සිටීහ. පිරිමි දරුවන් කුඩා අවදියේ අන්ත්‍රාවූහ.